slc
logo
Home   |    News
පෙබරවාරි 20, 2025
දසුන්ට ඩොලර් 10,000 ක දඩයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර අත්සන් තැබෙන ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන ලද තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට එරෙහිව ඩොලර් 10,000 ක දඩයක් නියම කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිදානයෙන් මේ දිනවල ක්‍රියාත්මක අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේදී තම දේශීය ක්‍රීඩා සමාජය වන එස්. එස්. සී. කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන්  පසු ශානක ආබාධයක් හේතුවෙන් තරගය නිමා වීමට පෙර ම ඉවත්වීමේ සිද්ධියක්  පිළිබඳව කරන ලද පරීක්ෂණයකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.

තරගය අතරතුරදී දසුන් ශානකට  පන්දුව වැදීම නිසා වෛද්‍යවරයා විසින් දසුන් ශානකයට විවේක ගන්නා ලෙස නිර්දේශ කර තිබූ නමුත්, ඔහු එම තරගයේ ඉතිරි කොටසට සහභාගිවීමෙන් වැළකී සිටියේය. කෙසේ වෙතත් එදිනම සවස ඔහු ඩුබායි නුවර බලා ගොස් එහි පැවැති ෆ්‍රැන්චයිස් ලීග් තරගයකට ක්‍රීඩා කළේය.

මෙම ක්‍රියාව ක්‍රීඩකයින්ගේ වෘත්තීයභාවය සහ අඛණ්ඩතාවය පවත්වාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යනු ලබන ගිවිසුම් සහ වගන්ති කීපයක් උල්ලංගණය කිරීමක් ලෙස සලකනු ලබන බැවින් ශානකට උක්ත දඩය පැනවීමට තීරණය කර තිබේ.

මෙම විමර්ෂණය අතරතුර ශානක ඔහු අතින් සිදුවූ ක්‍රියාව පිළිබඳව පිළිබඳව සිය කණගාටුවද පළ කර සිටියේය.  මෙහිදී වැඩිදුරටත් කරුණු පෙන්වා දී ඇති හිටපු එක්දින සහ විස්සයි-20 නායකයා තමා මේ පිළිබඳව කිසි විටෙකත් වංක චේතනාවෙන් ක්‍රියා නොකළ බවත්, අනාගතයේදී මෙවැනි ආකාරයේ කටයුතුවලින් බැහැරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෙත පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනය, ඉහළම සදාචාරාච්මක සහ වෘත්තීය ප්‍රමිතීන් නිසි ආකාරයේ පවත්වා ගැනීමට නිරන්තරයෙන්ම ඇප කැපව කටයුතු කරන අතර ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කිසි විටෙකත් පසුබට නොවනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee