slc
logo
Home   |    News
පෙබරවාරි 6, 2025
දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්

Sri Lanka Cricket

පුරා වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට ලැබෙන අවසන් තරගයට පෙර ගාලු ක්‍රිකට් පිටියේ ගෞරවනීය උපහාර දැක්වීමේ චාම් උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම අනුව උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ සහභාගීත්වයෙන් මෙම උපහාර දැක්වීමේ සුවිශේෂී අවස්ථාව අද දින (6) ඔස්ට්‍රේලියාව සමඟ දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ කිරීමට පෙර සිඳු කෙරුණි.

ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා විසින් 100 වැනි ටෙස්ට් තරගය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා වර්ණ සහිත කැප් තොප්පිය පළදවා දිමුත් පිළිගැනීමෙන් අනතුරුව ක්‍රිකට් උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසින් සමරු සිහිවටන ඵලකය හා වටිනා සුවිශේෂී තිළිණයක් ද ප්‍රදානය කළේය.

ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කලින්ම ලිඛිතව දැනුම් දී තිබිණි.

දිමුත් කරුණාරත්න වසර 2012 ‍නොවැම්බර් 17 වැනිදා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූයේ නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර, ඔහුගේ සියවැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය ද එකම ක්‍රීඩාංගණයකදී සිදුවීම දුර්ලභ සිද්ධියකි.

36 හැවිරිදි දිමුත් කරුණාරත්න 2019 වසරේ පෙබරවාරියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය භාර ‍ගෙන එම තරගාවලිය ජයග්‍රහණය කරා ‍මෙහෙය වූවේය.

“මම මේ දක්වා ලබා ඇති දේ ගැන සතුටු වෙනවා. මගේ 100 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවා වගේ සතුටුදායක මොහොතකින් මගේ විශ්‍රාම ගැනීම නිවේදනය කිරීමට ලැබීම පිළිබඳ සතුටුයි“ දිමුත් කරුණාරත්න පැවැසීය.

Active filters

Recent Posts

  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]
  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee