slc
logo
Home   |    News
පෙබරවාරි 26, 2025
පාසල් ක්‍රිකට් දියුණු කරන්න දෙදින තරග තෙදින වෙයි

sinhala editor

යෞවනයේ පසුවන ක්‍රීඩකයින්ව දීර්ඝ කාලීනව සිදුකෙරෙන ‘ටෙස්ට්‘ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කුසලතා සංවර්ධනය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව මෙම වසරේ පැවැත්වීමට නියමිත පාසල් මහ තරග, තෙදින තරග ලෙසින් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ මග පෙන්වීම යටතේ, මෙම කර්තව්‍යයට දායකත්වය ලබාදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා කැමැත්ත දක්වනු ලබන පාසල් සඳහා මූල්‍ය අරමුදල් සැපයීමට සූදානමින් සිටියි. ඒ අනුව මේ වසරේ සිට මහ තරග 28 ක් ක්‍රීඩා කරනු ලබන පාසල් 56 ක් සඳහා මූල්‍ය දායකත්වය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන්නේය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට දිර්ඝ ඉනිම කරා යෑමට අවස්ථාව ලබා දීමට අමතරව ඔවුන්ට දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කොට ශාරීරිකව සහ මානසිකව හුරුවීම මෙන්ම පළමු පෙළ සහ ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සාර්ථක වේදිකාවක් මේ හරහා සපයනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය වී තිබෙන බැවින් එහි පළමු පියවර ලෙසින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමඟ සහයෝගයෙන් මෙම තීරණයට එලැඹ සිටියි.

ශ්‍රී ලංකාව තුළ වසරකට වැඩිම තරග සංඛ්‍යාවක් පැවැත්වෙන තරගාවලිය ලෙසින් පාසල් ක්‍රිකට් තරග මාලාව හැඳින්විය හැක. වයස අවුරුදු 13 15, 17 සහ 19 න් පහළ යන වයස් කාණ්ඩයන් යටතේ වසර පුරාම ක්‍රියාත්මක වන පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ, දෙවැනි පෙළ සහ තෙවැනි පෙළ යන කාණ්ඩ 3 යටතේම පැවැත්වේ. ඒ අනුව ගත් විට කැලැන්ඩර් වර්ෂයක් තුළ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන සම්පූර්ණ පාසල් තරග සංඛ්‍යාව 6818 කි.

ශ්‍රී ලංකා පාසල් මහ තරග ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙතෙක් කලක් මහ තරග 3 ක් පමණක් තෙදින තරග ලෙසින් ක්‍රියාත්මක වුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමඟ එක්ව ගෙන තිබෙන මෙම තීරණයත් සමග මේ වසරේදී මෙතෙක් කලක් දෙදින තරග ලෙසින් ක්‍රීඩා කළ මහ තරග 25 ක් තෙදින තරග ලෙසින් ක්‍රීඩා කිරීමට කැමැත්ත පළකර තිබීම කැපී පෙනෙන සිදුවීමක් වේ.

මෙම තීරණය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය යටතේ පවත්වනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ සහ දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයේ සිට පැවැත්වෙන සියලුම පිළිමළුන් පිටුදැකීමේ තරගද මෙතෙක් පැවැති දින දෙකේ තරග වෙනුවට තුන් දින තරග ලෙස පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (26 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන තිලක් වත්තුහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ ශ්‍රී ලංකා ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ කලමනාකරු රුවන් කල්පගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

පාසල් මහ තරග සඳහා මූල්‍ය දායකත්වය ලබාදීමට සූදානමින් සිටින පාසල් නාම ලේඛණය මෙසේය.

ශාන්ත තෝමස් විදුහල – ගල්කිස්ස, ත්‍රිත්ව විදුහල – මහනුවර, ශාන්ත සෙබස්තියන් විදුහල – මොරටුව, ඩී.එස්. සේනානායක විදුහල – කොළඹ, රාජකීය විදුහල – කොළඹ, ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට, වේල්ස් කුමර විදුහල – මොරටුව, ශාන්ත ශර්වේසස් විදුහල – මාතර, මහානාම විදුහල – කොළඹ, රිච්මන්ඩ් විදුහල – ගාල්ල, ගුරුකල විදුහල – කැලනිය, නාලන්දා විදුහල – කොළඹ, මලියදේව විදුහල – කුරුණෑගල, ශාන්ත පීතර විදුදුහල – බම්බලපිටිය, ශාන්ත ජෝෂප් විදුහල – මරදාන, ශාන්ත තෝමස් විදුහල – මාතර, මහින්ද විදුහල – ගාල්ල, ආනන්ද විදුහල – කොළඹ, ශාන්ත ආනා විදුහල – කුරුණෑගල, මොරටු මහ විදුහල, තර්ස්ටන් විදුහල – කොළඹ, ධර්මරාජ විදුහල – මහනුවර, ශාන්ත සෙබස්තියන් මැදි මහ විදුහල – කටුනේරිය, දේවපතිරාජ විදුහල – රත්ගම, ශ්‍රී සුමංගල විදුහල – පානදුර, ඉසිපතන විදුහල – කොළඹ, ශ්‍රී ධර්මාලෝක විදුහල – කැලණිය, ශාන්ත පීතර විදුහල – මීගමුව, ධර්මපාල විදුහල – පන්නිපිටිය, ශාන්ත ජෝන් විදුහල – යාපනය, රාහුල විදුහල – මාතර, කිංග්ස්වුඩ් විදුහල – මහනුවර, පී. ද එස් කුලරත්න විදුහල – අම්බලන්ගොඩ, කෑගලු විදුහල – කෑගල්ල, ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල – කෝට්ටේ, අනුරාධපුර මැදි මහ විදුහල, යාපනය මැදි මහ විදුහල, ශාන්ත මරියා විදුහල – කෑගල්ල, ශාන්ත තෝමස් විදුහල – කෝට්ටේ, රාජකීය මැදි මහ විදුහල – පොලොන්නරුව, ශ්‍රී රාහුල විදුහල – කටුගස්තොට, ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල – කුරුණෑගල, මලියදේව ආදර්ශ විදුහල – කුරුණෑගල, කුමර විදුහල – රත්නපුර, ශ්‍රී සුමගංල විදුහල – මහනුවර, වයඹ රාජකීය විදුහල – කුරුණෑගල, ඉබ්බාගමුව මැදි මහ විදුහල, ශාන්ත ඇලෝසියස් විදුහල – රත්නපුර, ශාන්ත පැට්‍රික් විදුහල – යාපනය, මහින්ද රාජපක්ෂ විදුහල – හෝමාගම, වික්‍රමශීලා ජාතික පාසල – ගිරිඋල්ල,  යාපනය විදුහල – වඩ්ඩුකොඩායි, ආරක්ෂක සේවා විදුහල – කොළඹ, ඩී. එස්. සේනානායක විදුහල – මීරිගම, ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල – නුවරඑළිය, ගාමිණී ජාතික පාසල – නුවරඑළිය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar