අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2025 වසර වෙනුවෙන් නම් කරන ලද කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නිය වන චමෝදි ප්‍ර බෝධාව එක් කිරීමට පියවර ගෙන තිබේ.
වමතින් දඟ පන්දු යවන චමුදි තවමත් 15 හැවිරිදි වියේ පසුවන්නිය. සමස්ථ තරගාවලියේදී තරග 4 කට ක්‍රීඩා කරමින් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 6.33 ක් රඳවා තබා ගනිමින් චමුදි දවා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 9 ක් වේ. එහි හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 05 කට කඩුලු 3 ක් දවා ගැනීම සනිටුහන් වේ. මෙම කඩුලු 3 ට අමතව ඇය තවත් අවස්ථා 2 කදී කඩුලු 3 බැගින් දවාලිමට සමත්වූවාය. පළමු වටය අවසානයේදී කඩුලු දවා ගත් පන්දු යවන්නියන් අතර පළමු ස්ථානයේ රැඳී සිටීමට සමත් චමුදි සමස්ථ තරගාවලියේදී එම ලේඛනයේ 6 වැනි ස්ථානයේ පසුවන්නීය.
ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුක්තව නම් කරන ලද මෙම වසරේ කණ්ඩායමට ශූරතාව දිනා ගන්නා ලද ඉන්දීය යොවුන් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහ අනුශූරතාවට පත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුද ඇතුළත්ව සිටිති. ඊට අමතරව එංගලන්තයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, ඔස්ට්‍රේලියාවෙන්, නේපාලයෙන්, එක් ක්‍රීඩිකාව බැගින් නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
බාළිකා ලෝක එක්දින කණ්ඩායම – ගොංගාදී ට්‍රිෂා (ඉන්දියාව), ජෙමා බෝතා (දකුණු අප්‍රිකාව), ඩාවිනා පෙරීන් (එංගලන්තය), ජී. කමලිනී (ඉන්දියාව), කාමේ බ්‍රේ(ඔස්ට්‍රේලියාව), පූජා මහාටෝ (නේපාලය), කයිලා රෙයිනෙකි (දකුණු අප්‍රිකාව) කේටී ජෝන්ස් (එංගලන්තය), ආයුෂී ශුක්ලා (ඉන්දියාව), චමෝදි ප්‍ර බෝධා (ශ්‍රී ලංකාව), වයිශ්නාවී ශර්මා (ඉන්දියාව), තබිසෙන් නිනී (දකුණු අප්‍රිකාව)