slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2025
රොෂාන් විජේනායකගෙන් නොදැවී ලකුණු 162 ක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් සහ රාගම අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දී දෙවන දින තරගය නිම වන විට රාගම සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් කඩුලු 4කට ලකුණු 155ක් ලබා ඉනිමක පරාජයෙන් බේරීමට කඩුලු හයක් ඉතිරිව ලකුණු 33ක් අඩුවෙන් සිටියේය.

 හලාවත මේරියන්ස් කණ්ඩායමේ දුෂාන් විමුක්ති රාගම පළමු ඉනිමේ දී ලකුණු 39කට කඩුලු අටක් දවාලීමෙන් රාගම ප්‍රථම ඉනිම ලකුණු 89කට සීමා විණි.

 ඒස් කැපිටල් සහ පොලීසිය අතර තරගයේ දී පොලීසියේ නලින් ප්‍රියදර්ශන (45/5) සහ දිනුක සුධීර (60/5) දක්ෂ පන්දු යැවීම හමුවේ ඒස් කැපිටල් ප්‍රථම ඉනිම ලකුණු 115ක දී නිමාවට පත්විණි.

 එන්.සී.සී. සහ එස්.එස්.සී. අතර තරගයේ දී එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 63ක දී හතරේ පහර 12ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 91ක් රැස් කිරීමට සමත් විය.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය සහ බී.ආර්.සී. අතර තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජයේ රොෂාන් විජේනායක පන්දු 247කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 162ක් රැස් කර දිනයේ වැඩිම ලකුණු ලැබු පිතිකරු බවට පත්විය.

මීට අමතරව හලාවත මේරියන්ස් ක්‍රීඩා සමසාජයේ දකුණත් පිට දඟ  පන්දුු යවන දුෂාන් විමුක්ති රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 39 කට කඩුලු 8 ක් දවා ලීමට සමත් වූවේය.

  • හලාවත මේරියන්ස් – රාගම – (හලාවත මේරියන්ස් ප්‍රබල තත්ත්වයක)

 හලාවත මේරියන්ස් තරගයේ දෙවන දින (14) නිම වන විට පසු වන්නේ ජයග්‍රහණයක් වාර්තා කරන පසුබිමකය. රාගමට මේ තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ දී කඩුලු හයක් ඉතිරිව තවත් ලකුණු 32ක් පිටුපසින් පසු වේ.

 හලාවත මේරියන්ස් පළමු ඉනිමේ සියල්ල දැවී රැස් කළ ලකුණු 276ට පිළිතුරු ලෙස රාගම පළමු ඉනිමේ සියල්ල දැවී රැස් කළේ ලකුණු 89ක් පමණකි. හලාවත මේරියන්ස් කණ්ඩායමේ දුෂාන් විමුක්ති ලකුණු 39කට කඩුලු අටක් දවාලමින් දැක් වු දක්ෂතා මත රාගමට ඉනිමක පරාජයෙන් බේරීමට නැවත දෙවන ඉනිම සඳහා ද පන්දුවට පහර දීමට සිදු විණි.  රාගම දෙවන ඉනිමේ දී සමින්ද ප්‍රනාන්දු නොදැවී ලකුණු 83ක් (පන්දු 134යි හතරේ හයයි හයේ පහරයි) ලැබීය.

 හලාවත මේරියන්ස් පළමු ඉනිම සියල්ල දැවී 276යි – (කසුන් විදුර 60, රවින් යසස් 45, චමෝද් සඳරු 47, හරින් රත්නමුදලි 45/4, ශෂික දුල්ෂාන් 84/3, සංතුෂ් ගුණතිලක 32/2)

රාගම පළමු ඉනිම සියල්ල දැවී 89යි – (ශෂික දුල්ෂාන් නොදැවී 31, සංතුෂ් ගුණතිලක 23, සමින්ද ප්‍රනාන්දු 23, දුෂාන් විමුක්ති 39/8යි)

රාගම දෙවන ඉනිම කඩුලු 4ට 155යි – (සමින්ද ප්‍රනාන්දු නොදැවී 83, විනුර දුල්සර නොදැවී 39, රවිඳු සෙම්බුකුට්ටි 14, රුසඳ ගමගේ 13, දුවිඳු තිලකරත්න 31/2, සුමින්ද ලක්ෂාන් 36/2)

  • පොලීසිය – ඒස් කැපිටල් – (පොලීසියෙන් ප්‍රබල ප්‍රහාරයක්)

 බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ ඒස් කැපිටල් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළත් පොලීසියේ නලින් ප්‍රියදර්ශන (45/5) සහ දිනුක සුධීර (60/5) දක්ෂ පන්දු යැවීම මත ඒස් කැපිටල් ප්‍රථම ඉනිමේ රැස් කළේ ලකුණු 115ක් පමණකි.

 පසුව පොලීසියේ ආරම්භක පිතිකරු අවිශ්ක තරිඳු පන්දු 131කට මුහුණ දී හතරේ පහර පහක් හයේ පහරක් සමග ලකුණු 70ක් රැස් කළේය.

 ඒස් කැපිටල් පළමු ඉනිම සියල්ල දැවී 115යි – (උදයවංශ පරාක්‍රම 38, ෂම්මු අෂාන් 44, සකුන ලියනගේ 09, නලින් ප්‍රියදර්ශන 45/5, දිනුක සුධීර 60/5)

 පොලීසිය පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට කඩුලු 8ට 219යි – (අවිශ්ක තරිඳු 70, අෂේන් බණ්ඩාර 51, කුසල් පෙරේරා 36, රොෂාන් ජයතිස්ස 72/4, වනුජ සහන් 92/2, නිම්සර අතරගල්ල 12/2යි)

  • බ්ලුම්ෆීල්ඩ් – පාණදුර ක්‍රීඩා සමාජය (බ්ලුම්ෆීල්ඩ් නායකයාගෙන් නායකත්ව ඉනිමක්)

 බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නායක නිපුන් කරුණානායක පන්දු 190කට මුහුණ දී හතරේ පහර 11ක් සමග ලකුණු 84ක් රැස් කළේය.

 බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 244යි – (නිපුන් කරුණානායක 81, රවිඳු ප්‍රනාන්දු 54, තරිඳ ගුරුගේ 33, ළහිරු මධුශංක 16, ඉම්තියාස් ස්ලාසා 38/3, දුෂාන් හේමන්ත 54/3, නිමේෂ් විමුක්ති 65/2යි)

 පාණදුර ප්‍රථම දින තරගය නිම වන විට කිසිවකු නොදැවී 59යි – (ඕෂද ප්‍රනාන්දු නොදැවී 39, ඉරෝස් සමරසූරිය නොදැවී 20)

  • මීගමුව – බදුරලිය – (මීගමුව පළමු ඉනිමේ ලකුණු 12කින් ඉදිරියෙන්)

 කණ්ඩායම් දෙකම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු මේ තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක කොමසාරු ලකුණු 41කට කඩුලු හතරක් ද චානක රුවන්සිරි ලකුණු 21කට කඩුලු 4ක් ද එන්.සී.සී. කණ්ඩායමේ හංසජ හිරුන ලකුණු 39කට කඩුලු හතරක් ද නිශාන් පීරිස් ලකුණු 47කට කඩුලු තුනක් ද දවාලුහ.

 මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 140යි – (ෂෙෂාන් ප්‍රනාන්දු 38, හංසජ හිරුන නොදැවී 18, කේෂාන් වන්නිආරච්චි 16, උමේෂ් ලක්ෂාන් 15, උපුල් ඉන්ද්‍රසිරි 14, චාමික කොමසාරු 41/4, චාමික රුවන්සිරි 21/4යි)

 බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 128යි – (චලන ද සිල්වා 35, ගිහාන් කෝරලගේ 22, අලංකාර අසලංක 23, ගීත් කුමාර 15, හංසජ හිරුන 39/4, නිශාන් පීරිස් 47/3, උපුල් ඉන්ද්‍රසිරි 24/2)

  • එන්.සී.සී. – එස්.එස්.සී.

 එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ එස්.එස්.සී. කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට එන්.සී.සී. ට පැවරීය.

 එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 91ක් ද (පන්දු 63යි හතරේ 12යි හයේ තුනයි) සහ අංක තුන පිතිකරු කමිල් මිෂාර ලකුණු 77ක් ද (පන්දු 143යි හතරේ 12යි) රැස් කළහ. ආරම්භක කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු උදාර (55) රැස් කළ ලකුණු ප්‍රමාණය පන්දුවාර 11ක දී ලකුණු 105කි.

 එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 379යි – (නිරෝෂන් දික්වැල්ල 91, කමිල් මිෂාර 77, ළහිරු උදාර 55, අහන් වික්‍රමසිංහ 47, කවින් බණ්ඩාර 45, අසේල් සිගේරා 17, නිපුන් ධනංජය 19/3, කසුන් රාජිත 76/3, ප්‍රමෝද් මධුෂාන් 76/3)

  • කුරුණෑගල තරුණ – මුවර්ස්  – (මුවර්ස් ඉදිරියෙන්)

  වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කුරුණෑගල තරුණ කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට තීරණය කළත් මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් (35/4) සහ ශිරාන් ප්‍රනාන්දුගේ (41/3) දක්ෂ පන්දු යැවීම හමුවේ කුරුණෑගල තරුණ පිල රැස් කළේ ලකුණු 136කි.

 පසුව මුවර්ස් කණ්ඩායමේ සොහාන් ඩි ලිවේරා (78) සහ ජනිෂ්ක පෙරේරා (52) අර්ධ ශතක රැස් කළහ.

 කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 136යි – (ගයාන් මනීෂාන් 58, සමීර සඳමල් 19, දිනුෂ්ක මාලන් 19, රමේෂ් මෙන්ඩිස් 35/4, ශිරාන් ප්‍රනාන්දු 41/3, මිලාන් රත්නායක 25/2යි)

 මුවර්ස් පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට කඩුලු 5ට 175යි – (සොහාන් ඩි ලිවේරා 78, ජනිෂ්ක පෙරේරා 52, සධීර සමරවික්‍රම නොදැවී 25, කවික දිල්ෂාන් 61/3යි)

  • කැන්ඩි කස්ටම් – සී.සී.සී. – (සී.සී.සී. ඉදිරියෙන්)

 සී.සී.සී. පිටියේ පැවැත්වෙන මේ තරගයේ දී කැන්ඩි කස්ටම් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන්නත් සී.සී.සී. කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ (35/3යි) විශ්ව ප්‍රනාන්දු (19/2) සහ ධනංජය ද සිල්වාගේ (22/2) දක්ෂ පන්දු යැවීම හමුවේ කැන්ඩි කස්ටම් රැස් කළේ ලකුණු 165කි.

 කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 165යි – (ඉමේෂ් උදයංග 58, යොහාන් මැද්දගේ 46, සහන් කෝසල 18, ෂෙහාන් ප්‍රනාන්දු 13, ඉනුක කරන්නාගොඩ 35/3, විශ්ව ප්‍රනාන්දු 19/2, ධනංජය ද සිල්වා 22/2යි)

 සී.සී.සී. පළමු ඉනිම කඩුලු 7ට 174යි – (සොහාන් දිනුෂ්ක 31, ධනංජය ද සිල්වා 27, පවන් රත්නායක 25, නිමේෂ ගුණසිංහ 25, ලසිත් කෘෘස්පුල්ලේ 20, මිනෝද් භානුක 15, චමිඳු වික්‍රමසිංහ නොදැවී 20, කෞමාල් නානායක්කාර 45/3, ඉමේෂ් උදයංග 31/2, සචිත්‍ර පෙරේරා 53/2යි)

  • නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය – බී.ආර්.සී. (රොෂාන් විජේනායක නොදැවී ලකුණු 162යි)

 මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජයේ රොෂාන් විජේනායක පන්දු 247කට මුහුණ දී හතරේ 14ක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 162ක් ද තිලකරත්න සම්පත් පන්දු 157ක දී හතරේ නවයක් හයේ පහරක් සමග ලකුණු 77ක් ද රැස් කළහ. මොවුන් දෙදෙනාගේ දෙවන කඩුල්ලේ සබඳතාවය ලකුණු 188කි.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම කඩුලු 7ට 319යි – (රොෂාන් විජේනායක නොදැවී 162, තිලකරත්න සම්පත් 77, අක්රම් මුතාලිබ් 41, චාමික හීනටිගල 80/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee