slc
logo
Home   |    News
පෙබරවාරි 9, 2025
වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි

Sri Lanka Cricket

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 242කින් ඔස්ට්‍රේලියාව ජයගත් හෙයින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබාගත් ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලකුණු 414ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ ලකුණු 231ක් ලබාගත් අතර, ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 75ක ඉලක්කයක් එල්ල විය. එම ඉලක්කය කඩුල්ලක් බිඳ වැටී සම්පූර්ණ කරගත් ඔස්‍‍්‍රේලියානුවෝ දිනකට කලින්ම තරගයේ ජය වාර්තා කළේය.

ඊයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටි අතර, කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් අද දිනයේ තම 21 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ සමඟ කුසල් ‍මෙන්ඩිස් දැවී ගිය අතර, එවිට ඔහු පන්දු මිනිත්තු 103කදී පන්දු 54කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 50 සම්පූර්ණ කර තිබිණි. අද දිනයේ ශ්‍රී ලංකා පිල මිනිත්තු 25කදී ඕවර් 6.3කට මුහුණදී සියයලු දෙනා දැවී ගියේය. ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් 5ක් ම දෙවැනි ඉනිමේදී ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් නොවීම කැපී පෙණුනි.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 149කට මුහුණදී පැය 2කට වැඩි කාලයක් කඩුල්ලේ රැදී සිට හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 76ක් ලබා තම 45 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළේය.

ආසියානු උප මහද්වීපයේ වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවා බවට ස්ටීව් ස්මිත් පත්වූ අතර, හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං තැබූ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම උඩපන්දු ලබා ගැනීමේ වාර්තාව ස්මිත් බිඳ දැමීය. දැන් ස්මිත් ටෙස්ට් තරගවලදී වැඩිම උඩපන්දු ලබාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත්ව ඇත.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරගවලදී වැඩිම උඩපන්දු ලබාගත් ක්‍රීඩකයින් ස්ටීව් ස්මිත් උඩ පන්දු 199ක්, රිකී පොන්ටින් උඩ පන්දු කඩුලු 196 හා මාර්ක් වෝ උඩ පන්දු 181ක් ලෙස සිටිති. ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 131ක් රැස්කරමින් ඔහු  ආසියාවේ ඉහළම ලකුණු ලැබූ පිතිකරු වූවේය. මේ වනවිට ස්මිත් 52.47ක ඉනිමක සාමාන්‍යයක් පවත්වා ආසියානු තණතීරු තුළ ලකුණු 1994ක් රැස්කර ඇත. ඒ අනුව ඔහු පසුකර ගියේ ඔස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් රැස්කරගෙන සිටි ලකුණු 1889ක වාර්තාවයි.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලිායාව අතර එක්දින තරගාවලිය මේ 12 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 

ශ්‍රී ලංකාව පළමු ඉනිම

පැතුම් නිශ්ශංක ප. ලියෝන් 11

දිමුත් කරුණාරත්න  ප. ලියෝන් 36

දිනේෂ් චන්දිමාල් ස්ටම්ප් කළා කේරී ප. කූනමන් 74

ඇන්ජලෝ මැතිව්ස් ඇ. කෙරී  ප. ලියෝන් 01

කමිඳු මෙන්ඩිස් ඇ. ස්මිත් ප. හේඩ් 13

ධනංජය ද සිල්වා ඇ. වෙබ්ස්ටර් ප. ස්ටාක් 00

කුසල් මෙන්ඩිස් නොදැවී 85

ර‍මේෂ් මෙන්ඩිස් ඇ. ‍ෙරී ප. ස්ටාක් 28

ප්‍රභාත් ජයසූරිය ඇ. ස්මිත් ප. ස්ටාක් 00

නිශාන් පීරිස් ප. කූනමන් 00

ළහිරු කුමාර ඇ. වෙබ්ස්ටර් ප. කූනමන් 02

අතිරේක 07

එකතුව ඕවර් 97.4කදී සියලු දෙනා දැවී ලකුණු 257

කඩුලු බිඳවැටීම: 1-23, 2- 93, 3- 101, 4- 126, 5 – 127, 6 – 150, 7 – 215, 8 – 215, 9- 224, 10- 257

පන්දු යැවීම: මිචෙල් ස්ටාර්ක් 16 – 3 – 37 – 3, මැතිව් කූනමන් ‍33.4 – 9 – 63- 3, නේදන් ලයන් 34 – 5- 96 – 3, බීයූ වෙබ්ස්ටාර් 3- 0 – 13 – 0, කූපර් කොනාලි 3 – 1 – 12 – 0, ට්‍රවිස් හේඩ් 8 – 0 – 31 – 1

ඔස්ට්‍රේලියා පළමු ඉනිම

ට්‍රැවිස් හේඩ් ඇ. ද සිල්වා ප. පීරිස් 21

උස්මාන් කවාජා ත. මුවා තළා ප. පීරිස් 36

මානස් ලබුස්චේන් ක. මුවා කළා ප. ජයසූරිය 04

ස්ටීව් ස්මිත් ඇ. මෙන්ඩිස් ප. ජයසූරිය 131

ඇලෙක්ස් කේරි ප. ජයසූරිය 156

ජොස් ඉංග්ලිස් ප. ජයසූරිය 00

බියූ වෙබ්ස්ටර් ප. රමේෂ් 31

කූපර් කොනාලි ඇ. රමේෂ් ප. පීරිස් 04

මිචෙල් ස්ටාක් ප. ජයසූරිය 08

නේතන් ලයන් නොදැවී 02

මැතිව් කූනමන් ප. රමේෂ් 06

අතිරේක 15

එකතුව ඕවර්  106.4කදී සියලු දෙනා දැවී ලකුණු 414

කඩුලු බිද වැටීම: 1- 32, 2- 37, 3- 91, 4- 350, 5- 350, 6-373, 7-384, 8-406, 9- 406, 10- 414

පන්දු යැවීම: ළහිරු කුමාර 7  – 1- 37 – 0, ධනංජය ද සිල්වා 5 – 0 – 18 – 0, ප්‍රභාත් ජයසූරිය 38 – 6 – 151 – 5, නිශාන් පීරිස් 31 – 4 – 94 – 3, රමේෂ් මෙන්ඩිස් 22.4 – 0 – 81 – 2, කමිඳු ‍මෙන්ඩිස් 3 – 0 – 18 – 0

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම

පැතුම් නිශ්ශංක ප. කූනමන්         08

දිමුත් කරුණාරත්න ඇ. ‍කෙරී ප. කූනමන්  14

දිනේෂ් චන්දිමාල් ඇ. වෙබ්ස්ටර් ප. ලයන් 12

ඇන්ජලෝ මැතිව්ස් ඇ. වෙබ්ස්ටර් ප. ලයන්         76

කමිඳු මෙන්ඩිස් ඇ. කවාජා ප. ලයන් 14

ධනංජය ද සිල්වා ඇ. ‍ස්මිත් ප. කූනමන්   23

කුසල් මෙන්ඩිස් ඇ. ‍ස්මිත් ප. ලයන් 50

ර‍මේෂ් මෙන්ඩිස් ඇ. ‍හේඩ් ප. වෙබ්ස්ටර් 00

ප්‍රභාත් ජයසූරිය ඇ. ස්මිත් ප. කූනමන් 06

ළහිරු කුමාර ප. වෙබ්ස්ටර් 09

නිශාන් පීරිස් නොදැවී 09

අතිරේක 15

එකතුව ඕවර් 68.1කදී සියලු දෙනා දැවී ලකුණු 231

කඩුලු බිඳවැටීම: 1-9, 2- 33, 3-39, 4- 81, 5 – 128, 6 – 198, 7 – 199, 8 – 211, 9- 217, 10- 231

පන්දු යැවීම: මිචෙල් ස්ටාර්ක් 4 – 0 – 22 – 0, මැතිව් කූනමන් ‍23 – 5 – 63- 4, ට්‍රවිස් හේඩ් 9 – 0 – 33 – 0, නේදන් ලයන් 28 – 3- 84 – 4, බීයූ වෙබ්ස්ටාර් 2.1 – 0 – 6 – 2, කූපර් කොනාලි 2 – 0 – 9 – 0

ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිම

උස්මාන් කවාජා නොදැවී 27

ට්‍රැවිස් හේඩ් ඇ. මෙන්ඩිස් ප. ජයසූරිය 20

මානස් ලබුස්චේන් නොදැවී 26

අතිරේක 02  

එකතුව ඕවර් 17.4කදී කඩුලු  1ක් දැවී ලකුණු 75

කඩුලු බිද වැටීම: 1- 38

පන්දු යැවීම: රමේෂ් මෙන්ඩිස් 3 – 1 – 16 – 0, නිශාන් පීරිස් 8 – 0 – 34 – 0, ප්‍රභාත් ජයසූරිය 6 – 1 – 20 – 1, දිමුත් කරුණාරත්න 0.4 – 0 – 3- 0

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee