එළැඹෙන වසරේ සිට වයස අවුරුදු 19 න් පහළ පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලද කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට තණතීරු 5 කින් සමන්විත පැති පුහුණු තණතීරුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප ලේකම්වරයා වන කමල් ඉන්ද්‍රජිත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තණතීරු ක්‍රීඩකයන් සතු කරදීම මාර්තු මස 20 වැනිදා එම විදුහල් පරිශ්‍රයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට කැළණිය ධර්මාලෝක විදුහලේ විදුහල්පතිවරයාා වන විපුල් කුලතුංග මහතා ඇතුළු ගුරු භවතුන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම පාසල් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සහභාගිව සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල් කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර, එය ප්‍රධාන කොට මෙම තණතීරු ඉදිකිරීම සිදුකරන ලදී. එම විද්‍යාලයේ 15 න් පහළ සහ 17 න් පහළ කණ්ඩායම් දැනටමත් පළමු ශ්‍රේණිය යටතේ ක්‍රීඩා කරන අතර 13 න් පහළ කණ්ඩායම දෙවැනි ශ්‍රේණිය යටතේ ක්‍රීඩා කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ගමට ජාතික සංවර්ධන ගමන් මඟ යටතේ වැඩසටහන යටතේ මෙම තණතීරු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා උදාකරලීම අරමුණු කර ගනිමින් මෙම පිරිනැමීම සිදුකරන ලදී.