slc
logo
Home   |    News
මාර්තු 14, 2025
ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් පන්දුවට පහරදෙන ගාල්ල පිල කඩුලු 4ක් දැවී ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවේ. ගාල්ල පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු නිපුන් ධනංජය නොදැවී ශතකයක්, ඔෂධ ප්‍රනාන්දු හා සදීර සමරවික්‍රම අර්ධ ශතක වාර්තා කරමින් ලකුණු පුවරුව ඔසවා තැබූහ.

දිනය නිමාවෙද්දී නිපුන් ධනංජය පන්දු 261කදී හතරේ පහර 12ක් සමඟ නොදැවී ලකුණු 135ක් ලබා සිටි අූතර, දුනිත් වෙල්ලාලගේ පන්දු 31කදී හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 19ක් රැස්කර 5වැනි කඩුල්ලට පන්දු 58කදී නොබිඳුණු ලකුණු 34ක සබඳතාවක් ඒක්කර සිටිති.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එම තීරණය නිවැරදි බවට තහවුරු කරමින් ආරම්භක පිතිකරුවන් යුගලවූ නිපුන් ධනංජය හා ඔෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 159කදී ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගූ අතර, ඔෂධ පන්දු 82කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 57ක් රැස්කර තිබියදී දැවී ගියේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 31ක් ලබාගත් අතර, සිව්වැනි කඩුල්ලට නිපුන් ධනංජය සමඟ එක්වූ සදීර සමරවික්‍රම පන්දු 225කදී ලකුණු 143ක් එක්කළ අතර, සදීර පන්දු 111කදී හත‍ේ පහර 7ක් සමඟ ලකුණු 78ක් ලබා සිටියදී දැවී ගියේය.

පිතිකරුවන්ට පාරාදීසයක් වූ සූරියවැව තණතිල්ලේ මොහොමඩ් දිල්ෂාඩ්, චමිඳු වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු හා නුවනිඳු ප්‍රනාන්දු එක් කඩුල්ල බැරගින් බිඳහෙලා ගත්හ.

මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර තිබීම විශේෂත්වයකි.

තරගයේ දෙවැනි දිනය අදයි.

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 336 (ඕවර් 88)
නිපුන් ධනංජය නොදැවී 135, ඔෂධ ප්‍රනාන්දු 57, දිනේෂ් චන්දිමාල් 31, පසිඳ සූරියබණ්ඩාර 6, සදීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ නොදැවී 19, අතිරේක 10 (මොහොමඩ් දිල්ෂාඩ් 73/1, චමිඳු වික්‍රමසිංහ 48/1, රවිඳු ප්‍රනාන්දු63/1, නුවනිඳු ප්‍රනාන්දු 14/1)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee