slc
logo
Home   |    News
මාර්තු 16, 2025
ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන් සිටී. ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් බිද වැටී තිබියදී ලකුණු 602කට අත්හිටවූ අතර, මහනුවර පිල පළමු ඉනිම ලකුණු 350කට සීමා විය. අද තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල පිල ‍දෙවැනි ඉනිමට කඩුල්ලක් බිදවැටී ලකුණු 13ක් ලබා සිටියේය.

මහනුවර පිල වෙනුවෙන් අංක තුන පිතිකරු කමිල් මිෂාර පන්දු 255කට මුහුණදී මිනිත්තු 388ක කාලයක් කඩුල්ලේ රැදී සිට හතරේ 18ක් සමඟ නොදැවී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් විය. එයට අමතරව නුවනිඳු ප්‍රනාන්දු හා සොහාන් ඩී ලිවේරා අර්ධ ශතක වාර්තා කළහ. ගාල්ල පිලේ මඳ වේග පන්දු යවන මිලාන් රත්නායක ලකුණු 65කට කඩුලු 4ක් බිඳහෙලීය.

ඊයේ දිනයේ සුපිරි පිතිකරණයක නිරත වූ ර‍මේෂ් මෙන්ඩිස් පන්දු 199කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 122ක් ලබාගත් අතර, දිලුම් සුධීර පන්දු 164කදී මිනිත්තු 210ක කාලයක් පිටියේ රැදී සිට හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේය.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරුවන් යුගල වූ නිපුන් ධනංජය හා ඔෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 159කදී ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගීය.

තරගයේ සිව්වැනි දිනය අදයි.

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 602 (ඕවර් 168)
නිපුන් ධනංජය නොදැවී 137, ඔෂධ ප්‍රනාන්දු 57, දිනේෂ් චන්දිමාල් 31, පසිඳ සූරියබණ්ඩාර 6, සදීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ 38, රමේෂ් මෙන්ඩිස් 122, නිසල තාරක 13, දිලුම් සුධීර නොදැවී 80, දිල්ෂාන් මධුසංඛ නොදැවී 21, අතිරේක 19 (චමිඳු වික්‍රමසිංහ 90/3, රවිඳු ප්‍රනාන්දු 121/2, නුවනිඳු ප්‍රනාන්දු 59/2)

ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 350 (ඕවර් 88)
ළහිරු උදාර නොදැවී 38, කමීල් මිෂාර නොදැවී 158, නුවනිඳු ප්‍රනාන්දු 51, සොහාන් ඩී ලිවේරා 60, අතිරේක 18 (දිල්ෂාන් මධුසංඛ 72/2, මිලාන් රත්නායක 65/4, දුනිත් වෙල්ලාලගේ 37/2)

ගාල්ල පිල දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 13 (ඕවර් 3)
නිපුන් ධනංජය නොදැවී 9, ඔෂධ ප්‍රනාන්දු නොදැවී 4,

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee