slc
logo
Home   |    News
මාර්තු 30, 2025
දඹුල්ල පළමු ජය ලබයි

sinhala editor

කොළඹට එරෙහි පළමු ඉනිමේදී කඩුලු 3ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් දවාගෙන සමස්ත තරගයේදීම කඩුලු 10ක් බිඳහෙළූ දඟ පන්දු යවන අකිල ධනංජයගේ දක්ෂතා හේතුවෙන් දඹුල්ල පිල කඩුලු 8ක ජයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ තරගයේදී ජය වාර්තා කළ දඹුල්ල පිල මෙම තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සමත් වූවේය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 300ක් රැස්කළ අතර, දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 400ක් ලැබීය. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ‍කොළඹ පිල සියලු දෙනා දැවී ලකුණු 232ක් ලබාගත් ‍හෙයින් ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 133 කඩුලු 2ක් බිඳ වැටී වාර්තා විය.

මෙම තරගයේදී දඹුල්ල පිලේ නායක ධනංජය ද සිල්වා පන්දු 202කදී ලකුණු 142ක් හා පවන් රත්නායක පන්දු 255කදී ලකුණු 163ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටි අතර, ධනංජය හා පවන් සහ ධනංජය ද සිල්වා අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 384කදී ලකුණු 263ක් විය.

කොළඹ පිලේ කුසල් මෙන්ඩිස් පළමු ඉනිමේදී පන්දු 123කදී ලකුණු 119ක් ලබාගත් අතර, දෙවැනි ඉනිමේදී පන්දු 130කදී හතරේ 8ක් සමඟ ලකුණු 92ක් ලබා සිටියදී දැවී ගියේය.

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 300 (ඕවර් 76)
කුසල් මෙන්ඩිස් 119, අසිත වන්නිනායක 38, අවිශ්ක ප්‍රනාන්දු 11, ධනංජය ලක්ෂාන් 12, චරිත් අසලංක 43. ළහිරු මදුශංක 43, ප්‍ර මෝද් මදුසාන් 11, අකිල ධනංජය 91/3, මොහොමඩ් ශිරාස් 48/2, දුලාජ් සමුදිත 70/3)

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 400 (ඕවර් 96.1)
පවන් රත්නායක 163, ධනංජය ද සිල්වා 142, සොනාල් දිනූෂ 19, අකිල ධනංජය 20 (ප්‍රමෝද් මධුසාන103/4,කසුන් රාජිත 97/2, ධනංජය ලක්ෂාන් 9/4)

කොළඹ පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 232 (ඕවර් 64.5)
නවෝද් පරණවිතාන 32, අසිත වන්නිනායක 20, ධනංජය ලක්ෂාන් 25,
කුසල් මෙන්ඩිස් 92, කවීන් බණ්ඩාර 44 (අකිල ධනංජය 104/7, මොහොමඩ් ශිරාස් 42/3)

දඹුල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 133 (ඕවර් 23.3)
ලසිත් කෘස්පුල්ලේ 47, රොන් චන්ද්‍රගුප්ත 45, නිශාන් මධුෂ්ක නොදැවී 33, ධනංජය ද සිල්වා නොදැවී 5 (අසිත වන්නිනායක 28/1, ධනංජය ලක්ෂාන් 27/1)

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee