slc
logo
Home   |    News
මාර්තු 4, 2025
නැෂනල් යූත් ලීග් සිව්දින තරගාවලිය මාර්තු 13 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 13 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. තෙවැනි වතාවටත්ත පැවැත්රවෙන මෙවර තරගාවලිය අප්‍රේල් මස 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

ගාල්ල, මහනුවර, යාපනය, කොළඹ සහ දඹුල්ල යන කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වෙනු ඇත. හම්බන්තොට මහින්ද රාජපක්ෂ, ගාල්ල ජාත්‍යන්තර, රංගිරි දඹුල්ල, ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ ජාත්‍යන්තර සහ කොළඹ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වෙනු ඇත.  

සමාරම්භක දියය වන මාර්තු 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන තරග වලදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ගාල්ල සහ මහනුවර කණ්ඩායම්ද, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී යාපනය සහ කොළඹ යන කණ්ඩායම්ද තරග වැදීමට නියමිතව සිටිති.

තරගාවලියේ අවසන් මහ තරගය අප්‍රේල් මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට විධි විධාන යොදා තිබේ. මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් වරට පැවැති නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ගෝල් කණ්ඩායම සමත්විය. ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ කැන්ඩි කණ්ඩායමයි.  

වසරශූරතාවඅනුශූරතාවවැඩිම ලකුණුවැඩිම කඩුලු
2022කැන්ඩිජැෆ්නාකමිඳු මෙන්ඩිස් (886)ප්‍රභාත් ජයසූරිය (23)
2023දඹුල්ලගෝල්මිනෝද් භානුක (456)ශෂීක දුල්ෂාන් (22)
2024ගෝල්කැන්ඩිඕෂධ ප්‍රනාන්දු (885)නිශාන් පීරිස් (35)
     
තරග කාල සටහන
දිනයසත්කාරකආගන්තුකක්‍රීඩාංගණය
මාර්තු 13-16ගෝල්කැන්ඩිහම්බන්තොට
 ජැෆ්නාකලම්බුගාල්ල
මාර්තු 20-23කලම්බුකැන්ඩිහම්බන්තොට
 දඹුල්ලගෝල්ගාල්ල
මාර්තු 27-30කලම්බුදඹුල්ලරංගිරි දඹුල්ල
 කැන්ඩිජැෆ්නාආර්. ප්‍රේමදාස
අප්‍රේල් 03-06ජැෆ්නාගෝල්හම්බන්තොට
 කැන්ඩිදඹුල්ලආර්. ප්‍රේමදාස
අප්‍රේල් 2-23ගෝල්කලම්බුරංගිරි දඹුල්ල
 දඹුල්ලජැෆ්නාපල්ලේකැලේ
අප්‍රේල් 27-30අවසන් මහ තරගය එස්.එස්.සී.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee