slc
logo
Home   |    News
මාර්තු 10, 2025
බංග්ලාදේශ යොවුන් පිල අප්‍රේල් – මැයි මාස වල ශ්‍රී ලංකාවේ සංචාරයක

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු.19 න් පහළ යොවුන් කණ්ඩායම ලබන අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරග 6 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය ආරම්භ වීමට පෙර අප්‍රේල් 24 වැනිදා බංග්ලාදේශ යොවුන් පිලට පුහුණු තරගයකට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇත.

තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 26 වැනිදා පැවැත්වෙන අතර මැයි 08 වැනිදා පැවැත්වෙන 6 වැනි එක්දින තරගයෙන් අනතුරුව තරගාවලිය නිමාවනු ඇත.

දිනයතරගය
අප්‍රේල් 24පුහුණු තරගය
අප්‍රේල් 26පළමු එක්දින තරගය
අප්‍රේල් 28දෙවැනි එක්දින තරගය
අප්‍රේල් 30තෙවැනි එක්දින තරගය
මැයි 03සිව්වැනි එක්දින තරගය
මැයි 05පස්වැනි එක්දින නතරගය
මැයි 08හයවැනි එක්දින තරගය

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar