මෙදින පැවැති තරග හතරට වර්ෂාවෙන් සහ ඇඳිරි කාලගුණයෙන් වරින් වර බාධා ඇති විණි.
මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තය වු මේ සති අන්තයේ ප්‍රථම දින (28) වන අද පාණදුර ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 42ක් රැස් කර නැවත ලකුණු අතරට ඒමට සමත් විණි. ඕෂද ප්‍රනාන්දු සහ පාණදුර නායක ඉරෝෂ් සමරසූරිය මෙදින පන්දුවාර 14ක දී කඩිනම් ලකුණු 77ක් රැස් කළහ. ඕෂද මෙදින ලකුණු 42ක් රැස් කළේ පන්දු 37ක දී හතරේ හතරක් සහ හයේ පහර දෙකක් සමගය.
බ්ලුම්ෆීල්ඩ් සහ බදුරලිය අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ ආරම්භ වු තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ ළහිරු මධුශංක (38/4) ඉසිත විජේසූරිය (8/3) සහ රවීන් ප්‍රනාන්දු (31/3) දක්ෂ පන්දු යැවීම හමුවේ බදුරලිය ප්‍රථම ඉනිමේ දී රැස් කළේ ලකුණු 87ක් පමණකි.
බම්බලපිටියේ පැවැත්වෙන පාණදුර ක්‍රීඩා සමාජය සහ ඒස් කැපිටල් අතර තරගයේ දී පාණදුර ක්‍රීඩා සමාජය දිනය නිම වන විට කඩුලු 4කට ලකුණු 182ක් රැස් කර ප්‍රබල තත්ත්වයක පසු විණි.
මේ අතර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම හමුවේ බදුරලිය ක්‍රීඩා සමාාජය පළමු ඉනිම ලකුණු 87 කට සීමා වීම කැපී පෙනුණි.
- පාණදුර – ඒස් කැපිටල්
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී ඒස් කැපිටල් කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.
පාණදුර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඕෂද ප්‍රනාන්දු සහ නායක ඉරෝස් සමරසූරිය ආරම්භක කඩුල්ලට පන්දුවාර 14ක දී ලකුණු 77ක් රැස් කරමින් දස්කම් දැක්වීය.
පාණදුර වෙනුවෙන් ලකුණු අතර සිටි පිතිකරුවන් වුයේ රමිඳ විජේසූරිය නොදැවී ලකුණු 57ක් ද (පන්දු 96යි හතරේ පහයි) ඕෂද ප්‍රනාන්දු ලකුණු 42ක් ද (පන්දු 37යි හතරේ හතරයි හයේ දෙකයි) ඉරෝස් සමරසූරිය පන්දු 50ක දී හතරේ පහක් හයේ පහරක් සමග ලකුණු 37ක් ද රුමේෂ් බුද්ධික පන්දු 69ක දී හතරේ පහරක් සමග ලකුණු 31ක් ද රැස් කළහ.
ප්‍රථම දින තරගය නතර කරන විට පාණදුර කඩුලු හතරකට ලකුණු 182ක් ලබා සිටියේය.
පාණදුර ප්‍රථම ඉනිම ප්‍රථම දින නිම වන විට කඩුලු 4ට 182 (45) – (රමිඳ විජේසූරිය නොදැවී 57, ඕෂද ප්‍රනාන්දු 42, ඉරෝස් සමරසූරිය 37, රුමේෂ් බුද්ධික 31, රොෂාන් ජයතිස්ස 53/2, වනුජ සහන් 69/2යි)
- කෝල්ට්ස් – හලාවත මේරියන්ස්
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු කෝල්ට්ස් තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.
හලාවත මේරියන්ස් ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 4කට ලකුණු 123ක් (පන්දුවාර 43) ලබා සිටියේය. මෙහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා කසුන් විදුර පන්දු 100ක දී හතරේ හතරක් සමග ලකුණු 49ක් ද විශ්ව ප්‍රනාන්දු පන්දු 48ක දී හතරේ හතරක් සමග ලකුණු 34ක් ද රැස් කළහ.
කෝල්ට්ස් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු ශ්‍රී ලංකා ජාතික සංචිතයේ පන්දු යවන්නන් දෙදෙනකු වන දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය කඩුලු දෙක බැගින් දවාලුහ.
හලාවත මේරියන්ස් ප්‍රථම ඉනිම කඩුලු 4ට 123 – (පන්දුවාර 43යි) – (කසුන් විදුර 49, විශ්ව ප්‍රනාන්දු 34, චමෝද් සඳරු නොදැවී 14, දුනිත් වෙල්ලාලගේ 24/2, අකිල ධනංජය 41/2)
- බදුරලිය – බ්ලුම්ෆීල්ඩ්
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු බදුරලිය තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. අද (28) ආරම්භ වු මේජර් ලීග් තෙදින තරගය හතරෙන් කාසියේ වාසිය දිනා පන්දුවට පහර දෙන එකම කණ්ඩායම බදුරලියයි.
එහෙත් පන්දුවාර 19.5ක් තුළ දී බදුරලිය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 87කට දැවී ගියේ බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ ළහිරු මධුශංක ඉසිත විජේසුන්දර සහ රවිඳු ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේය.
ළහිරු මධුශංක ලකුණු 38කට කඩුලු හතරක් ද ඉසිත විජේසුන්දර ලකුණු අටකට කඩුලු තුනක් ද රවිඳු ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු තුනක් ද දවාලුහ. බදුරලිය වෙනුවෙන් ලකුණු විස්ස පසු කළ එකම පිතිකරුවා වුයේ පන්දු 24ක දී හතරේ දෙකක් හයේ පහරක් සමග ලකුණු 21ක් රැස් කළ චානක රුවන්සිරිය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බ්ලුම්ෆීල්ඩ් ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 1කට ලකුණු 58ක් ලබා සිටියේය. බ්ලුම්ෆීල්ඩ් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 37ක දී හතරේ තුනක් සමග නොදැවී ලකුණු 28ක් ද අසිත වන්නිනායක නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියහ.
බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 87යි (19.5) – (චානක රුවන්සිරි 21, දුනිත් ජයතුංග 17, ගිහාන් කෝරලගේ 10, තරිඳු අමරසිංහ 09, ළහිරු මධුශංක 38/4, ඉසිත විජේසුන්දර 8/3, රවින් ප්‍රනාන්දු 31/3යි)
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 1ට 58යි – (රොන් චන්ද්‍රගුප්ත නොදැවී 28, අසිත වන්නිනායක නොදැවී 17, චානක රුවන්සිරි 18/1යි)
- මීගමුව – රාගම
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු රාගම කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.
මීගමුව ආරම්භක පිතිකරුවන් දෙදෙනා පසිඳු ලක්ෂාන් සහ කවීන් ප්‍රනාන්දු ආරම්භක කඩුල්ලට පන්දුවාර 18.3ක දී ලකුණු 78ක් රැස් කළහ.
එහිදී පසිඳු ලක්ෂාන් පන්දු 47ක දී හතරේ හයක් සමග ලකුණු 41ක් ද කවීන් ප්‍රනාන්දු පන්දු 65ක දී හතරේ දෙකක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 33ක් ද රැස් කළහ.
කවීෂ දුලාංජන ලකුණු 26කට කඩුල්ලක් දවාලුවේය.
මීගමුව ප්‍රථම දින තරගය නිම වන විට කඩුල්ලක් දැවී 58යි (18.3යි) – (පසිඳු ලක්ෂාන් 41, කවීන් ප්‍රනාන්දු නොදැවී 33, කවීෂ දුලාංජන 26/1යි)