slc
logo
Home   |    News
මාර්තු 14, 2025
මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි

sinhala editor

තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (14 දා) හැකියාව ලැබිණ. දෙරට අතර ඉතිහාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් විසින් නවසීලන්ත කණ්ඩායමකට එරෙහිව ඔවුන්ගේ නිජ බිමේදී පන්දුවාර විස්සයි-20 තරගයක ජය වාර්තා කළ පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වුණු අද ජයග්‍රහණයත් සමග තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ක්‍රයිස්චර්ච්හි පැවැති මෙම තරගයේදී ලකුණු 14 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගැනීමට කෝඩුකාර ක්‍රීඩිකා මල්කි මදරා සමත් වද්දී ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නියන් වන ඉනෝෂි ප්‍රියදර්ශනී සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවා ලමින් ප්‍රතිවාදී කණ්ඩායම අපහසුවට ඇද දැමූහ. ඒ අනුව නවසීලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 18.5 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණි.

ඉලක්කය හමා යෑමේදී පෙරමුණ ගත් නායිකා චමරි අතපත්තු පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් ද සමගින් නොදැවී ලකුණු 64 ක් රැස් කරමින් පිතිකරණ අංශයෙන් පෙරමුණ ගැනීමට සමත්වූවාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නම ඉදිරියෙන් කඩුලු 7 ක ජයග්‍රහණයක් සනිටුහන් වන විට පන්දු 35 ක් සහ කඩුලු 7 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක සම්බන්ධතාවක් එක් කිරීමට චමරි සහ විශ්මි ගුණරත්නට හැකියාව ලැබුණද එහිදී විශ්මිගේ දායකත්වය ලකුණු 07 ක් විය. ජෙස් කර්ගේ පන්දුවකට සුසී බේට්ස් අතට උඩපන්දුවක් දී විශ්මි දැවී යද්දී හර්ෂිතා ද මුලු ලකුණු සංඛ්‍යාව 52 ක්ව තිබියදී කර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියාය. ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වන විට චමරි සමග අනෙක් අන්තයේ රැඳී සිටි නිලක්ෂි ද සිල්වා පන්දු 9 කදී ලකුණු 12 ක් ලබා සිටියාය.

මාතර, අකුරැස්සෙහි මාරඹ නම් ග්‍රාමයේ ඉපිද ජාතික කණ්ඩායමට පිවිසීමට වරම් ලද මල්කි මදරා අද ක්‍රීිඩා කරන ලද්දේ සිය මංගල ජාත්‍යන්තර තරගයට විය. ඇය විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 3.5 ඇතුළතදී ලකුණු 14 ක් පමනක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දුන් මදරා කඩුලු 3 ක් දවා ගනු ලැබුවේ ඇය විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී කඩුලු 2 ක් ද දවා ගනිමිනි. තවමත් 24 වැනි වියේ පසුවන මල්කි මදරා මාරඹ මහ විදුහලින් සහ තෙලිජ්ජවලින් මැදි මහ විදුහලේ ආදි ශිෂ්‍යාවක වන්නීය.

පාසල් වියේ පසුවද්දී ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබුවද ක්‍රිකට් ක්‍රීඩා නොකරනු ලබන පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දියත් කළ ඇති ‘ක්‍රිකට් ගමට‘ වැඩසටහන යටතේ මල්කි ජාතික කණ්ඩායමට පැමිණීමට වරම් දිනාගත් ක්‍රීඩිකාවක්වීම කැපී පෙනෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ මාතර කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබූ මල්කි එම තරගාවලියේදී දක්වන ලද දක්ෂතා මත ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලිය යටතේ කෝල්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගත්තාය. අනතුරුව එම තරගාවලියේ මඳ වේග පන්දු යවන්නියක ලෙසින් දක්වන ලද දක්ෂතා මත පදනම්ව ඇය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තරම් වාසනාවන්ත වූවාය. වසර 2 ක් වැනි කෙටි කාලයක් තුළ දිස්ත්‍රික් තරගාවලිය නියෝජනය කළ ඇය ඉතා කෙටි කාලයක් ඇතුළත ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත්වීමද කැපී පෙනෙන සිදුවීමකි.

නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18.5 කදී සියලු දෙනා දැවී ලකුණු 101 යි – (ජෙස් කර් 10, එමා මැක්ලියොඩ් 44, සුසී බේට්ස් 21, මල්කි මදාරා 14/3, ඉනෝෂි ප්‍රියදර්ශනී 25/2, කවීෂා දිල්හාරි 18/2)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 102 යි – (චමරි අතපත්තු 64*, කවීෂා දිල්හාරි 12, නිලක්ෂි ද සිල්වා 12*, ජෙස් කර් 18/2)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar