slc
logo
Home   |    News
මාර්තු 16, 2025
ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව අද නිමාවට පත් විය.

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් බිද වැටී තිබියදී ලකුණු 602කට අත්හිටවූ අතර, මහනුවර පිල පළමු ඉනිම ලකුණු 350කට සීමා විය. ඊයේ තෙවැනි  දිනය නිමාවෙද්දී ගාල්ල පිල ‍දෙවැනි ඉනිමට කඩුල්ලක් බිදවැටී ලකුණු 13ක් සටහන් කළ අතර අද තරගය නතර කරද්දී කඩුලු 5ක් දැවී ලකුණු 269ක් ලබා සිටියේය.

ගාල්ල පිලේ නායක පසිඳු සූරියබණ්ඩාර පන්දු 203කදී මිනිත්තු 290ක කාලයක් කඩුල්‍ලේ රැදී සිට හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 102ක් ලබාගත් අතර, නිපුන් ධනංජය හා සදීර සමරවික්‍රම අර්ධ ශතක වාර්තා කළහ. පසිදු අද රැස් කරන ලද්දේ ඔහුගේ නැෂනල් සුපර් ලීග් දිවියේ සිව්වැනි ශතකය විය. ඒ සමඟම ඔහු මෙතෙක් තරගාවලි ඉතිහාසයේ වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කරගෙන සිටින පිතිකරුවා බවට පත්ව සිටින ජැෆ්නා කණ්ඩායමේ උප නායක අහන් වික්‍රමසිංහ සමඟ සමතැන් ගැනීමට සමත්ව සිටියි.

මහනුවර පිල වෙනුවෙන් අංක තුන පිතිකරු කමිල් මිෂාර පන්දු 255කට මුහුණදී මිනිත්තු 388ක කාලයක් කඩුල්ලේ රැදී සිට හතරේ 18ක් සමඟ නොදැවී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් විය. එයට අමතරව නුවනිඳු ප්‍රනාන්දු හා සොහාන් ඩී ලිවේරා අර්ධ ශතක වාර්තා කළහ. ගාල්ල පිලේ මඳ වේග පන්දු යවන මිලාන් රත්නායක ලකුණු 65කට කඩුලු 4ක් බිඳහෙලීය.

ඊයේ දිනයේ සුපිරි පිතිකරණයක නිරත වූ ර‍මේෂ් මෙන්ඩිස් පන්දු 199කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 122ක් ලබාගත් අතර, දිලුම් සුධීර පන්දු 164කදී මිනිත්තු 210ක කාලයක් පිටියේ රැදී සිට හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේය. 

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරුවන් යුගල වූ නිපුන් ධනංජය හා ඔෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 159කදී ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගූහ.

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 602 (ඕවර් 168)

නිපුන් ධනංජය නොදැවී 137, ඔෂධ ප්‍රනාන්දු 57, දිනේෂ් චන්දිමාල් 31, පසිඳ සූරියබණ්ඩාර 6, සදීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ 38, රමේෂ් මෙන්ඩිස් 122, නිසල තාරක 13, දිලුම් සුධීර නොදැවී 80, දිල්ෂාන් මධුසංඛ නොදැවී 21, අතිරේක 19  (චමිඳු වික්‍රමසිංහ 90/3, රවිඳු ප්‍රනාන්දු 121/2, නුවනිඳු ප්‍රනාන්දු 59/2)

ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 350 (ඕවර් 88)

ළහිරු උදාර නොදැවී 38, කමීල් මිෂාර නොදැවී 158, නුවනිඳු ප්‍රනාන්දු 51, සොහාන් ඩී ලිවේරා 60, අතිරේක 18 (දිල්ෂාන් මධුසංඛ 72/2, මිලාන් රත්නායක 65/4, දුනිත් වෙල්ලාලගේ 37/2)

ගාල්ල පිල දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 13 (ඕවර් 3)

නිපුන් ධනංජය 63, ඔෂධ ප්‍රනාන්දු 18, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 102, නිපුන් ධනංජය 60, අති‍ේක 15 ( රවිඳ ප්‍රනාන්දු 87/2, සහන් ආරච්චිගේ 35/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee