slc
logo
Home   |    News
මාර්තු 30, 2025
දඹුල්ල පළමු ජය ලබයි

sinhala editor

කොළඹට එරෙහි පළමු ඉනිමේදී කඩුලු 3ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් දවාගෙන සමස්ත තරගයේදීම කඩුලු 10ක් බිඳහෙළූ දඟ පන්දු යවන අකිල ධනංජයගේ දක්ෂතා හේතුවෙන් දඹුල්ල පිල කඩුලු 8ක ජයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ තරගයේදී ජය වාර්තා කළ දඹුල්ල පිල මෙම තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සමත් වූවේය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 300ක් රැස්කළ අතර, දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 400ක් ලැබීය. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ‍කොළඹ පිල සියලු දෙනා දැවී ලකුණු 232ක් ලබාගත් ‍හෙයින් ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 133 කඩුලු 2ක් බිඳ වැටී වාර්තා විය.

මෙම තරගයේදී දඹුල්ල පිලේ නායක ධනංජය ද සිල්වා පන්දු 202කදී ලකුණු 142ක් හා පවන් රත්නායක පන්දු 255කදී ලකුණු 163ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටි අතර, ධනංජය හා පවන් සහ ධනංජය ද සිල්වා අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 384කදී ලකුණු 263ක් විය.

කොළඹ පිලේ කුසල් මෙන්ඩිස් පළමු ඉනිමේදී පන්දු 123කදී ලකුණු 119ක් ලබාගත් අතර, දෙවැනි ඉනිමේදී පන්දු 130කදී හතරේ 8ක් සමඟ ලකුණු 92ක් ලබා සිටියදී දැවී ගියේය.

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 300 (ඕවර් 76)
කුසල් මෙන්ඩිස් 119, අසිත වන්නිනායක 38, අවිශ්ක ප්‍රනාන්දු 11, ධනංජය ලක්ෂාන් 12, චරිත් අසලංක 43. ළහිරු මදුශංක 43, ප්‍ර මෝද් මදුසාන් 11, අකිල ධනංජය 91/3, මොහොමඩ් ශිරාස් 48/2, දුලාජ් සමුදිත 70/3)

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 400 (ඕවර් 96.1)
පවන් රත්නායක 163, ධනංජය ද සිල්වා 142, සොනාල් දිනූෂ 19, අකිල ධනංජය 20 (ප්‍රමෝද් මධුසාන103/4,කසුන් රාජිත 97/2, ධනංජය ලක්ෂාන් 9/4)

කොළඹ පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 232 (ඕවර් 64.5)
නවෝද් පරණවිතාන 32, අසිත වන්නිනායක 20, ධනංජය ලක්ෂාන් 25,
කුසල් මෙන්ඩිස් 92, කවීන් බණ්ඩාර 44 (අකිල ධනංජය 104/7, මොහොමඩ් ශිරාස් 42/3)

දඹුල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 133 (ඕවර් 23.3)
ලසිත් කෘස්පුල්ලේ 47, රොන් චන්ද්‍රගුප්ත 45, නිශාන් මධුෂ්ක නොදැවී 33, ධනංජය ද සිල්වා නොදැවී 5 (අසිත වන්නිනායක 28/1, ධනංජය ලක්ෂාන් 27/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee