slc
logo
Home   |    News
මාර්තු 16, 2025
නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති

sinhala editor

නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද (16 දා) පෙරවරුවේදී සමත්වූවේය. මේ සමඟම තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස දෙපිළම සම තත්ත්වයේ පසුවෙති.

කාසියේ වාසියේ ජයත් සමඟ පළමුව පන්දු යැවීමට තීරණය කළ නවසීලන්ත පන්දු යවන්නියෝ අර පිරිමැස්මෙන් යුක්තව පන්දු යැවීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 113 කට සීමා කිරීමට හැකියාව ලැබිණ.

එම ඉලක්කය හඹා යෑමේදී සුසී බේට්ස් පන්දු 46 කදී ලකුණු 47 ක්ද එමා මැක්ලියෝඩ් පන්දු 40 කදී ලකුණු 46 ක්ද ලබා ගනිමින් පෙරමුණ ගත්හ. ඒ හේතුවෙන් සත්කාරක කණ්ඩායම ඉලක්කය සපුරා ගන්නා ලද්දේ ඔවුන්ගේ ඉනිමේ පන්දු 9 ක් සහ කඩුලු 7 ක් අත ඉතිරිව තබාගනිමිනි.

පන්දුවට පහර දීමට අමතරව පන්දු යවමින් නිලකුණු පන්දුවාරයක් ද සමගින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4,  ලකුණු 16 කදී සීමා කිරීමට සුසී බේට්ස් සමත්වීම නිසා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය.

පළමු තරගයේදී නොදැවී ලකුණු 64 ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ චමරි අතපත්තුව (23) මුලු ලකුනු සංඛ්‍යාව ලකුණු 46 ක් ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් දවා ගැනීමට ජෙස් කර් සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීම තරමක් මන්ද ගාමී විය. කවීා දිල්හාරිද තවත් ලකුණු 7 ක් එකතුවන අතර වාරයේදී ෆ්ලෝරා ඩෙවොන්ෂයර්ගේ මංගල කඩුල්ල වෙමින් දැවී යෑම නිසා ශ්‍රී ලංකා ඉනිම තවත් අසීරුතාවයට පත්විය.

කෙසේ වෙතත් පස්වැනි කඩුල්ලට එක් වුණු ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාර සහ පළපුරුදු මැද පෙළ පිතිකාරිණියක වන නිලක්ෂි ද සිල්වා එක්වෙමින් ලකුණු 54 ක් රැස් කොට ශ්‍රී ලංකා ඉනිම ලකුනු 100 ඔබ්බට රැගෙන ගියහ. මෙහිදී මනුදි පන්දු 32 කදී ලකුණු 35 ක්ද නිලක්ෂි පන්දු 22 කදී ලකුණු 20 ක් ද රැස් කලහ. ශ්‍රී ලංකා ඉනිමෙන් අද දිනයේදී හතරේ පහර 10 ක් එල්ල කර තිබූ අතර ඉන් හතරක්ම මනුදිගේ පිත්තෙන් එල්ල වී තිබීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 113 යි – (චමරි අතපත්තු 23, හර්ෂිතා සමරවික්‍රම 11, කවීෂා දිල්හාරි 12, මනුදි නානායක්කාර 35, නිලක්ෂි ද සිල්වා 20, බ්‍රී ඉලිං 18/2, ජෙස් කර් 29/2, ෆ්ලෝරා ඩෙවොන්ෂයර් 12/1, බෘෘක් හෝලිඩේ 11/1)

නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 117 යි – (සුසී බේට්ස් 47, එමා මැක්ලියොඩ් 11, බෘෘක් හෝලිඩේ 46*, ඉනෝෂි ප්‍රියදර්ශනී 19/1, සුගන්දිකා කුමාරි 16/1, අචිනි කුලසූරිය 11/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar