slc
logo
Home   |    News
මාර්තු 10, 2025
බංග්ලාදේශ යොවුන් පිල අප්‍රේල් – මැයි මාස වල ශ්‍රී ලංකාවේ සංචාරයක

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු.19 න් පහළ යොවුන් කණ්ඩායම ලබන අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරග 6 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය ආරම්භ වීමට පෙර අප්‍රේල් 24 වැනිදා බංග්ලාදේශ යොවුන් පිලට පුහුණු තරගයකට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇත.

තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 26 වැනිදා පැවැත්වෙන අතර මැයි 08 වැනිදා පැවැත්වෙන 6 වැනි එක්දින තරගයෙන් අනතුරුව තරගාවලිය නිමාවනු ඇත.

දිනයතරගය
අප්‍රේල් 24පුහුණු තරගය
අප්‍රේල් 26පළමු එක්දින තරගය
අප්‍රේල් 28දෙවැනි එක්දින තරගය
අප්‍රේල් 30තෙවැනි එක්දින තරගය
මැයි 03සිව්වැනි එක්දින තරගය
මැයි 05පස්වැනි එක්දින නතරගය
මැයි 08හයවැනි එක්දින තරගය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee