slc
logo
Home   |    News
මාර්තු 19, 2025
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

sinhala editor

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා මත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ යාවත්කාලීනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව සිටියි.

ඒ අතර කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ඉදිරියෙන්ම පසුවන අතර ඇය විස්සයි-20 ජාත්‍යන්තර තරග අංශයේ දක්ෂතම පිතිකාරිණියන් අතරින් එක් ස්තානයක් ඉදිරියට  පැමිණෙමින් 6 වැනි ස්තානය අත්පත් කර ගැනීමට සමත්ව සිටින්නීය. ඇය මෙම තරගාවලිය ආරම්භ වන විට එම ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ රැදී සිටි නමුත් සමස්ථ තරග තුනේදී අර්ධ ශතකයක්ද සමඟින් රැස් කර ගන්නා ලද ලකුණු 87 හේතුවෙන් ඇයට එම ශ්‍රේණිගත කිරීම්හි එක් පියවරක් ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවී තිබේ.

ඇයට අමතරව මැද පෙළ පිතිකාරිණියක වන නිලක්ෂි ද සිල්වා එම ශ්‍රේණිගත කිරීම්හි පියවර 3 ක් ඉදිරියට පැමිණෙමින් 52 වැනි ස්ථානයටද පැමිණ සිටින්නීය. ඇයට අමතරව පන්දු යවන්නියක වන ඉනෝෂි ප්‍රියදර්ශනී එම පන්දු යවන්නියන්ගේ ලැයිස්තුවේ ස්ථාන 2 ක් ඉදිරියට පැමිණෙමින් 19 වැනි ස්ථානයේදී සුගන්ධිකා කුමාරි ස්ථාන 7 ක් ඉදිරියට පැමිණෙමින් 22 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වද්දී තුන් ඉරියව් ක්‍රීඩිකා කවීෂා දිල්හාරි ස්ථාන 3 ක් ඉදිරියට පැමිණෙමින් එම 34 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටිති.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee