slc
logo
Home   |    News
මාර්තු 27, 2025
කැලණිය ධර්මාලෝකයට පුහුණු තණතීරු 5 ක්

sinhala editor

එළැඹෙන වසරේ සිට වයස අවුරුදු 19 න් පහළ පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලද කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට තණතීරු 5 කින් සමන්විත පැති පුහුණු තණතීරුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප ලේකම්වරයා වන කමල් ඉන්ද්‍රජිත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තණතීරු ක්‍රීඩකයන් සතු කරදීම මාර්තු මස 20 වැනිදා එම විදුහල් පරිශ්‍රයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට කැළණිය ධර්මාලෝක විදුහලේ විදුහල්පතිවරයාා වන විපුල් කුලතුංග මහතා ඇතුළු ගුරු භවතුන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම පාසල් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සහභාගිව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහල් කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර, එය ප්‍රධාන කොට මෙම තණතීරු ඉදිකිරීම සිදුකරන ලදී. එම විද්‍යාලයේ 15 න් පහළ සහ 17 න් පහළ කණ්ඩායම් දැනටමත් පළමු ශ්‍රේණිය යටතේ ක්‍රීඩා කරන අතර 13 න් පහළ කණ්ඩායම දෙවැනි ශ්‍රේණිය යටතේ ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ගමට ජාතික සංවර්ධන ගමන් මඟ යටතේ වැඩසටහන යටතේ මෙම තණතීරු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාව තුළ උත්පත්තිය ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා උදාකරලීම අරමුණු කර ගනිමින් මෙම පිරිනැමීම සිදුකරන ලදී.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee