slc
logo
Home   |    News
මාර්තු 14, 2025
ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් පන්දුවට පහරදෙන ගාල්ල පිල කඩුලු 4ක් දැවී ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවේ. ගාල්ල පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු නිපුන් ධනංජය නොදැවී ශතකයක්, ඔෂධ ප්‍රනාන්දු හා සදීර සමරවික්‍රම අර්ධ ශතක වාර්තා කරමින් ලකුණු පුවරුව ඔසවා තැබූහ.

දිනය නිමාවෙද්දී නිපුන් ධනංජය පන්දු 261කදී හතරේ පහර 12ක් සමඟ නොදැවී ලකුණු 135ක් ලබා සිටි අූතර, දුනිත් වෙල්ලාලගේ පන්දු 31කදී හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 19ක් රැස්කර 5වැනි කඩුල්ලට පන්දු 58කදී නොබිඳුණු ලකුණු 34ක සබඳතාවක් ඒක්කර සිටිති.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එම තීරණය නිවැරදි බවට තහවුරු කරමින් ආරම්භක පිතිකරුවන් යුගලවූ නිපුන් ධනංජය හා ඔෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 159කදී ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගූ අතර, ඔෂධ පන්දු 82කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 57ක් රැස්කර තිබියදී දැවී ගියේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 31ක් ලබාගත් අතර, සිව්වැනි කඩුල්ලට නිපුන් ධනංජය සමඟ එක්වූ සදීර සමරවික්‍රම පන්දු 225කදී ලකුණු 143ක් එක්කළ අතර, සදීර පන්දු 111කදී හත‍ේ පහර 7ක් සමඟ ලකුණු 78ක් ලබා සිටියදී දැවී ගියේය.

පිතිකරුවන්ට පාරාදීසයක් වූ සූරියවැව තණතිල්ලේ මොහොමඩ් දිල්ෂාඩ්, චමිඳු වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු හා නුවනිඳු ප්‍රනාන්දු එක් කඩුල්ල බැරගින් බිඳහෙලා ගත්හ.

මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර තිබීම විශේෂත්වයකි.

තරගයේ දෙවැනි දිනය අදයි.

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 336 (ඕවර් 88)
නිපුන් ධනංජය නොදැවී 135, ඔෂධ ප්‍රනාන්දු 57, දිනේෂ් චන්දිමාල් 31, පසිඳ සූරියබණ්ඩාර 6, සදීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ නොදැවී 19, අතිරේක 10 (මොහොමඩ් දිල්ෂාඩ් 73/1, චමිඳු වික්‍රමසිංහ 48/1, රවිඳු ප්‍රනාන්දු63/1, නුවනිඳු ප්‍රනාන්දු 14/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee