slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2025
අපිට ශක්තියක් වෙන්න ක්‍රීඩාංගණය පිරෙන්න සෙනග එන්න – චමරි අතපත්තු

sinhala editor

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් වල සහභාගිත්වයෙන් හෙට (27 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන තරගාවලිය නරඹන්න පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

තුන්කොන් තරගාවලියට පෙර නායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායිකාව ශ්‍රී ලාකං වාසීන්ගෙන් මෙම ඉල්ලීම සිදු කළාය. මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ තරගාවලිය නැරඹීමේ අවස්ථාව සියලුම ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ ලබාදීමට කටයුතු කර තිබෙන හෙයින් ක්‍රීඩාංගණය පිරෙන්නම සෙනඟ පමිණෙනු ඇති ඇය බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් කර සිටියාය.

ඇය වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියාය. “මම දන්නවා ආසියානු කුසලාන අවසන් මහ තරගයෙදි විතරක් නොවෙයි එම තරගාවලියේ කළින් තිබුණු තරගවලදී ගොඩක් සෙනඟ මගේ කණ්ඩායම සමඟින් එකතු වුණා. ඉතිං ඔවුන්ගේ ශක්තිය අපිට ගොඩක් වැදගත්. ඉතිං මං බලාපොරොත්තු වෙනවා මේ තරගාවලියෙදිත් ඔවුන් ඇවිල්ලා අපිට සහයෝගය දක්වයි කියලා. විශේෂයෙන්ම මේ තරගාවලියේ නොමිලේ තරග නරඹන්න අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලැබිලා තියෙනවා. ඉතිං මං හිතනවා අපිට ශක්තියක් දෙන්න මේ ක්‍රීඩාංගණය පිරෙන්න සෙනග එයි කියලා.ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා හොද තරගාවලියක් ක්‍රීඩා කරන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ආඩම්බරයක් ගෙනත් දෙන්න පුලුවන් තරගාවලියක් වෙයි කියලා මම විශ්වාස කරනවා“ යැයි චමරි සඳහන් කර සිටියාය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee