slc
logo
Home   |    News
අප්‍රේල් 27, 2025
දකුණු අප්‍රිකානු නායිකාවගේ උපන්දින සැමරුම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉහළින් සැමරෙයි

sinhala editor

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායිකා ලෝරා වූල්වාර්ද් අද (26 දා) සිය 26 වැනි ජන්ම දිනය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සැමරුවාය. තුන්කොන් තරගාවලියට පෙර තරගාවලියේ පූර්ව පුවත්පත් සාකච්ඡාවෙන් අනතුරුව ශූරතා කුසලාන වෙනුවෙන් පිරිනැමෙන සර්වෝ කුසලාන එළිදැක්වීමෙන් අනතුරුව සිය උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්මාණය කර තිබූ උපන්දින කේකය කපමින් ලෝරා සිය උපන්දිනය සමරනු ලැබුවාය.

ඇය එම කේකය කපන අවස්ථාවන වන විට ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෝර් සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඇයගේ දෙපසින් පසුවූවාය. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් කාන්තා ටෙස්ට් තරග 4 කට සහය එක්දින තරග 101 කට සහභාගිව සිටින ලෝරා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති විස්සයි-20 තරග සංඛ්‍යාව 80 කි. එම ආකෘති තුනේදීම ඇය රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 6593 ක් වේ. මෙම තෙවැදෑරුම් තරග වලදී ඇය රැස් කරගෙන සිටින ශතක සංඛ්‍යාව 8 ක් වේ.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee