slc
logo
Home   |    News
අප්‍රේල් 22, 2025
දඹුල්ල පළමු ඉනිමේ කඩුලු 9ක් අතැතිව ලකුණු 364කින් පසුපසින්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (21) සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබාගත් අතර, දෙවැනි දිනයේ තරගය නතර කරද්දී දඹුල්ල පිල කඩුලු 1ක් දැවී ලකුණු 54ක් ලබා සිටියේය. මේ අනුව දඹුල්ල පිල පළමු ඉනිමේ කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 364කින් පසුපසින් සිටී.

දෙවැනි දිනය නිමාවෙද්දී දඹුල්ල පිලේ ආරම්ණක පිතිකරු නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 23ක් හා අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි දිනුර කළුපහන නොදැවී ලකුණු 8ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්තගේ කඩුල්ල නිමේෂ් විමුක්ති දවා ගත්තේය.

පල්‍ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු රවිඳු රසන්ත පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 229 කදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 120ක් ලබා ගත්තේය. තෙවැනි කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්වූ රවිඳු රසාන්ත පන්දු 271කදී ලකුණු 137ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය.

ප්‍රවීණ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 122කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 64ක් රැස්කළ අතර, නායක ජනිත් ලියනගේ පන්දු 102කදී හතරේ 8ක් හා හයේ 2ක් සමඟ නොදැවී ලකුනු 79ක් ලබාගත් අතර, නිරෝෂන් දික්වැල්ල සමඟ එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 125කදී ලකුණු 126ක සබඳතාවක් ගොඩනැගූහ. දික්වැල්ල පන්දු 64කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ ඉක්මන් ලකුණු 70ක් එක් කළේය. පන්දු යැවීමේදී දුලාජ් සමුදිත හා අකිල ධනංජය කඩුලු 3ක් බිදහෙළූහ.

ජැෆ්නා පිල සියලු දෙනා දැවී ලකුණු 418 (ඕවර් 107)
රවිඳු රසන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් ‍64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, ඉසිත වි‍ජේසුන්දර 16 (දුලාජ් සමුදිත 88/3, අකිල ධනංජය 164/3)

දඹුල්ල පිල කඩුලු 1ක් දැවී ලකුණු 54 (ඕවර් 10)
නිශාන් මධුෂ්ක නොදැවී 23, රොන් චන්ද්‍රගුප්ත 20, දිනුර කළුපහන නොදැවී 8 (නිමේෂ් විමුක්ති 8/1)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee