slc
logo
Home   |    News
අප්‍රේල් 22, 2025
දඹුල්ල පළමු ඉනිමේ කඩුලු 9ක් අතැතිව ලකුණු 364කින් පසුපසින්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (21) සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබාගත් අතර, දෙවැනි දිනයේ තරගය නතර කරද්දී දඹුල්ල පිල කඩුලු 1ක් දැවී ලකුණු 54ක් ලබා සිටියේය. මේ අනුව දඹුල්ල පිල පළමු ඉනිමේ කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 364කින් පසුපසින් සිටී.

දෙවැනි දිනය නිමාවෙද්දී දඹුල්ල පිලේ ආරම්ණක පිතිකරු නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 23ක් හා අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි දිනුර කළුපහන නොදැවී ලකුණු 8ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්තගේ කඩුල්ල නිමේෂ් විමුක්ති දවා ගත්තේය.

පල්‍ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු රවිඳු රසන්ත පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 229 කදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 120ක් ලබා ගත්තේය. තෙවැනි කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්වූ රවිඳු රසාන්ත පන්දු 271කදී ලකුණු 137ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය.

ප්‍රවීණ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 122කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 64ක් රැස්කළ අතර, නායක ජනිත් ලියනගේ පන්දු 102කදී හතරේ 8ක් හා හයේ 2ක් සමඟ නොදැවී ලකුනු 79ක් ලබාගත් අතර, නිරෝෂන් දික්වැල්ල සමඟ එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 125කදී ලකුණු 126ක සබඳතාවක් ගොඩනැගූහ. දික්වැල්ල පන්දු 64කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ ඉක්මන් ලකුණු 70ක් එක් කළේය. පන්දු යැවීමේදී දුලාජ් සමුදිත හා අකිල ධනංජය කඩුලු 3ක් බිදහෙළූහ.

ජැෆ්නා පිල සියලු දෙනා දැවී ලකුණු 418 (ඕවර් 107)
රවිඳු රසන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් ‍64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, ඉසිත වි‍ජේසුන්දර 16 (දුලාජ් සමුදිත 88/3, අකිල ධනංජය 164/3)

දඹුල්ල පිල කඩුලු 1ක් දැවී ලකුණු 54 (ඕවර් 10)
නිශාන් මධුෂ්ක නොදැවී 23, රොන් චන්ද්‍රගුප්ත 20, දිනුර කළුපහන නොදැවී 8 (නිමේෂ් විමුක්ති 8/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee