ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටින ගෝල් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් මෙල්ල කරමින් තරගයේ වැඩි වාසි ලබා ගැනීමට දඹුලු පන්දු යවන්නෝ සමත්ව සිටිති. ඒ අනුව දිනය අවසනදී තරගය නිමා කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් ගෝල් පිතිකරුවෝ කඩුලු 5 ක් දැවී ලකුණු 210 ක් ලබා සිටියි.
අද දිනයේදී කොළඹ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෛන් තරගයේ පළමු සැසිය මුලුමනින්ම තරගයට අහිමිවූ නමුත් දිවා විවේකයෙන් පසුව ආරම්භ කෙරුණු තරගයේ කාසියේ වාසිය තමන් සතු කරගත් දඹුලු නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහර දීම සඳහා ගෝල් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.
ඉනිම ආරම්භයේදීම තුලින ඩිල්ෂාන් ලකුණු 05 කා දවාලමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට දඹුලු පන්දු යවන්නෝ සමත්වූහ. එතැන් සිට ගෝල් ඉනිම ගොඩ ගැනිම වෙනුවෙන් කඩුල්ලට එක් වූ දිනේෂ් චන්දිමාල් සහ ඕෂධ ප්‍රනාන්දු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක් එක් කිරීමට සමත්වූහ. ආබාධයක් හේතුවෙන් ඔෂධ ක්‍රීඩාංගණයෙන් පිටතට යද්දී පන්දු 118 කට මුහුණ දෙමින් තම ඉනිමට හතරේ පහර 6 ක්ද සමඟින් ලකුණු 52 ක් ලබා සිටියේය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ලා සිටියදි පිටියෙන් ඉවත්ව යන්නේ පන්දු 105 කට මුහුණ දීමෙන් අනතුරුවය. හතරේ පහර 7 ක් ඇතුළත් වුණු චන්දිමාල්ගේ ඉනිම හයේ පහරකින්ද වර්ණවත් වී තිබුණේය.
අනතුරුව පිටියට පිවිසි අවිශ්ක පෙරේරා පන්ද 37 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 26 ක් රැස් කරමින් සිටියදී කඩුලු ආරක්ෂා කර ගැනීම වස් සැඳෑ පිතිකරු ලෙසින් පිටියට පිවිසි නිසල තාරකවද දවා ගමිනින් තරගයේ වාසිය තවදුරටත් තමන් වෙත නතු කර ගැනීමට දඹුලු පන්දු යවන්නෝ සමත්වූහ. අනතුරුව පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ පන්දු 37 කදී ලකුණු 27 ක්ද නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 13 කදි නොදැවී ලකුණු 03 ක් ලබා සිටියදී තරගය පළමු දිනයට නිමා කරන ලදී. ගොල් ඉනිමේ දැවී ගිය කඩුලු 5 න් කඩුලු 2 බැගින් දවා ගැනීමට මොහොමඩ් ශිරාස් සහ අකිල ධනංජය දෙදෙනා සමත්වූහ.
හෙට තරගයේ දෙවැනි දිනයයි
ගෝල් පළමු ඉනිම පන්දුවාර 56 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 210 යි – ඔෂද ප්‍රනාන්දු 52, දිනේෂ් චන්දිමාල් 80, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ 27*, මොහොමඩ් ශිරාස් 63/2, අකිල ධනංජය 53/2)