slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2025
රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකයා ලෙසින් පසිඳු සූරියබණ්ඩාරව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

අතිරේක ක්‍රීඩකයකුද සමගින් නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන යුක්ත වේ. මෙම කණ්ඩායමට වේග පන්දු යවන ශිරාන් ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායම සමග තරගාවලියට සහභාගිවනු ඇත.

දෙපිල අතර පැවැත්වෙන සිව්දින තරගාවලිය අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 02 වැනිදා දක්වා අබුඩාබි නුවරදී පැවැත්වෙනු ඇත.

ඉදිරි පෙළ පිතිකරුවකු වන රවිඳු රසාන්ත සහ වේග පන්දු යවන අසංක මනෝජ් පළමු වතාවට ‘ඒ‘ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබුවෝ වෙති. දැනට ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවකු ලෙස අතිශය සාර්ථකත්වයට පත්ව සිටින රවිඳු මේ වන විට එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේ ද්විත්ව ශතකයක්, ශතකයක් සහ එක් අර්ධ ශතකයක්ද වාර්තා කරමිනි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල නියෝජනය කර ඇති රවිඳු දකුණතින් පන්දුවට පහර දෙන පිතිකරුවෙකි. ඔහු මේ වන විට නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉනිම 7 කට කීඩා කරමින් ලකුණු 563 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 93.83 ක් රඳවා ගනිමිනි.

ඔහුට අමතරව කණ්ඩායමට එකතුව සිටින අනෙක් ක්‍රීඩකයා වන අසංක මනෝජ් දකුණතින් වේග පන්දු යවයි. මෙතෙක් පැවැති නැෂනල් සුපර් ලීග් ක්‍රිකට තරගාවලියේ තරග 3 කට ක්‍රීඩා කරමින් සිටින අසංක මනෝජ් කඩුලු 8 ක් දවා ගෙන සිටින්නේ ඉනිමක කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.75 ක් රඳවා ගනිමිනි.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම – පසිඳු සූරියබණ්ඩාර (නායක), ළහිරු උදාර, රවිඳු රසාන්ත, කමිල් මිශාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සදීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, තරිඳු රත්නායක, වනුජ සහන්, දිලුම් සුදීර, ඉසිත විජේසුන්දර, මිලාන් රත්නායක, ඩිල්ෂාන් මදුශංක, අසංක මනෝජ්, ශිරාන්  ප්‍රනාන්දු (අතිරේක)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee