නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේදී මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජැෆ්නා කණ්ඩායමට එරෙහි තරගයේදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දඹුල්ල කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටීයේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 418 ක් ලබා ගත් අතර ඒ අනුව ඔවුන්ගේ ඉනිම අභිබවා යෑමට දඹුල්ල කණ්ඩායමට තවත් කඩුලු 4 කදී ලකුණු 154 ක් ලබා ගත යුතුව තිබේ.
ලකුණු 54 කට කඩුල්ලක් දැවී තෙවැනි දිනය ආරම්භ කළ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ මැද පෙළ පිතිකරු සම්මු අශාන්ය. ඔහු පන්දු 126 කට මුහුණ දෙමින් ලකුණු 71 ක් ලබා ගත්තේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සරසා ගනිමිනි.
ඔහුට අමතරව පෙර දිනයේ සැඳෑ පිතිකරු ලෙසින් අංක 3 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දිනුර කලුපහන වගකීම ඉටු කරමින් ලකු
ණු 55 ක් රැස් කළේය. දිනය අවසන් වන විට සටන අත්නොහළ විශාද් රන්දික සහ චමිඳු විජේසිංහ ලකුණු 61 ක සම්බන්ධතාවක් පවත්වමින් දඹුලු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමමින් සිටතියහ. මෙහිදී රන්දික පන්දු 129 කදී ලකුණු 42 ක් සහ චමිදු පන්දු 55 කදී ලකුණු 26 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.
පන්දු යැවීමේදී ඉසිත විජේසුන්දර සහ නිමේෂ් විමුක්ති කඩුලු 2 බැගින් දා ගනිද්දී ජෙෆ්රි වැන්ඩර්සි සහ අසංක මනෝජ් කඩුල්ල බැගින් දවාගෙන සිටියහ.
ජැෆ්නා පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 418 යි (107.0) – රවිඳු රසාන්ත 120, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් 64, ජනිත් ලියනගේ නොදැවී 79, නිරෝෂන් දික්වැල්ල 70, දුලාජ් සමුදිත 88/3,අකිල ධනංජය 164/3
දඹුල්ල පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 264 යි (82.0) – නිශාන් මධුශ්ක 24, රොන් චන්ද්‍රගුප්ත 20, දිනුර කළුපහන 55, සම්මු අශාන් 71, විශාද් රන්දික 42*, චමිඳු විජේසිංහ 26*, ඉසිත විජේසුන්දර 52/2, නිමේෂ් විමුක්ති 74/2