slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2025
කවීජ – චාමික – ආකාශ් ශ්‍රී ලංකා යොවුන් පිලට ජය ගෙනෙති

sinhala editor

කවීජ ගමගේ සහ චාමික හීනටිගල එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 127 ක වාර්තාගත කඩුලු සම්බන්ධතාවත් විග්නේෂ්වරන් ආකාෂ්ගේ ලකුණු 35 කට කඩුලු 5 කගේ සුපිරි පන්දු යැවීමත් හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු යොවුන් එක්දින තරගයෙන් ලකුණු 98 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායම අද (26 දා) පස්වරුවේ සමත්විය. මේ සමග දෙරට අතර තරග 6 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල පෙරමුණ ගෙන සිටියි.

කොළඹ ක්‍රීඩා සමාජ පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 කට ලකුණු 241 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ යොවුන් පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 33.3 කදී සියලු දෙනා දැවී ලකුණු 143 ක් පමණි.

බංග්ලාදේශ පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු විග්නේෂ්වරන් ආකාශ් පන්දුවාර 9 කදී ලකුණු 35 කට කඩුලු 5 ක් දවා ගත්තේය. බංග්ලාදේශ අංක 4 පිතිකරු ශහරියර් අහමඩ්ගේ කඩුල්ල දවා ගනිමින් සිය කඩුලු දඩයම ඇරඹූ විග්නේෂ්වරන් ආකාෂ් ක්‍රියාත්මක කරන ලද 8 වැනි පන්දුවාරයේදී බංග්ලාදේශ කඩුලු රකින එම්.ඩී. අබ්දුල්ලාගේ කඩුල්ල දවා ගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කරගත්තේය. යාපනය හාට්ලි විද්‍යාලයෙන් යොවුන් ජාතික කණ්ඩායමට තේරී පත්ව සිටින ආකාෂ් පා දඟ පන්දු යවන්නකු ලෙසින් අවසන් වතාවට බංග්ලාදේශ අවු. 17 න් පහළ ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයේදී ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවේය.

ඔහුට අමතරව කිත්මි විදානපතිරණ සහ කුගදාස් මාතුලන් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

පන්දුවට පහර දීමේදී වාර්තාගත කඩුලු සම්බන්ධතාවයක නිරත වුණු කවීජ ගමගේ සහ චාමික හීනටිගල ශ්‍රී ලංකා ඉනිම මැද පෙළින් ශක්තිමත් කළේ අර්ධ ශතක වාර්තා කරමිනි. මෙහිදී ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ හීනටිගල පන්දු 92 කට මුහුණ දෙමින් ලකුණු 78 ක්ද කවීජ ගමගේ පන්දු 59 කදී ලකුණු 60 ක්ද ලබා ගත්තේ තම සම්බන්ධතාව නොබිඳිව තබා ගනිමිනි. මොවුන් දෙදෙනා විසින් අද දිනයේ බිඳ දමන ලද්දේ 2009 වසරේදී යොවුන් කණ්ඩායම නියෝජනය කළ චරිත් ජයම්පති සහ ධනුෂ්ක ගුණතිලක විසින් තබා තිබූ ලකුණු 91 ක සම්බන්ධතාව විය. මොවුන් දෙපළගේ ඉනිම පිළිවෙළින් හතරේ පහර 4 ක් සහ හයේ පහරකින්ද හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 කින්ද සමන්විත විය. ඔවුන් දෙපළට අමතරව ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් සසෙනුජ වෙකුණගොඩ පන්දු 74 කදී ලකුණු 50 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා පිලට ජීවය ගෙන දුන්නේය.

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 241 යි – (චාමික හීනටිගල 78*, කවීජ ගමගේ 60*, දිනුර දම්සිත් 11, කිත්ම විදානපතිරණ 01. විමත් දින්සර 19, සෙනුජ වෙකුණගොඩ 50, දිමන්ත මහවිතාන 05, දුල්නිත් සිගේරා 05, රිසාන් හොසේන් 29/2, ඉක්බාල් හොසේන් 46/2)

බංග්ලාදේශ අවු. 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 33.3 කදී සියලු දෙනා දැවී ලකුණු 143 යි – (සවාද් අබ්රාර් 14, කලාම් සිද්දිකි 46, අසිසුල් හකීම් 24, එම්.ඩී.අබ්දුල්ලා 17, අල් ෆහාද් 12*, විග්නේෂ්වරන් ආකාශ් 35/5, කුගදාස් මාතුලන් 30/2, කිත්ම විදානපතිරණ 17/2, රිසිත් නිම්සර 21/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar