slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2025
ජැෆ්නා – ගෝල් තරගය ජය පරාජයෙන් තොරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (6) නිමාවට පත්වූ ජැෆ්නා – ගෝල් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

හම්බන්තොටදී පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ ආරාධනා‍වෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 305ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ගෝල් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 371ක් රැස් කළහ. ජැෆ්නා පිල දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 354ක් ලබා සිටියදී තරගය නිමාවට පත් වූවේය.

මෙම තරගයේදී ගෝල් කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් දක්වන ලද තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් පළමු පෙළ තරග දිවියේ ලකුනු 5000 කඩඉම සහ කඩුලු 300 සමාජය පසු කිරීමට සමත්වීම කැපී පෙණිණ. ඔහු මෙම දක්ෂතාවය දක්වන ලද්දේ සිය පළමු පෙළ තරග දිවියේ 99 වැනි තරගයට සහභාගිවෙමිනි. මෙම තරගයේදී රමේෂ් මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 124 ක් වාර්තා කළ අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 12 වැනි ශතකය ලෙසින් වාර්තාවිය.

මෙම තරගයේදී ශතක දෙකක් වාර්තා වූ අතර, ගෝල් ක්‍රිකට් නායක රමේෂ් මෙන්ඩිස් හා ජැෆ්නා පිලේ ඇන්ජලෝ මැතිව්ස් එම ශතක දෙකට හිමිකම් කීහ. රමේෂ් අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 203කට මුහුණදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 124ක් රැස්කළ අතර, මැතිව්ස් පන්දු 167කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 103ක් ලබා ගත්තේය. මැතිව්ස් මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 52ක් ලබා දස්කම් දැක්වීය.

ජැෆ්නා දෙවැනි ඉනි‍මේදී ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 96ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර, ඔහු පළමු ඉනිමේදී ලකුණු 56ක් ලබා ගත්තේය. ජැෆ්නා පිලේ තනුක දාබ‍රේ හා නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතක වාර්තා කළහ. එ‍මෙන්ම ගෝල් ආරම්භක පිතිකරු ඔෂධ ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. ගෝල් පිලේ දිලුම් සුධීර කඩුලු 6ක් බිදහෙලා ගත්තේය.

ජැෆ්නා පළමු ඉනි‍මේදී ‍ෂෙවෝන් ඩැනියෙල් හා තනුත දාබරේ එක්ව පන්දු 151කදී ලකුණු 134ක් හා දෙවැනි ඉනිමේදී 5 වැනි කඩුල්ලට පන්දු 150ක දී ලකුණු 126ක සබඳතාවක් ගොඩ නැගීමට නිරෝෂන් දික්වැල්ල සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූහ.

ජැෆ්නා පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 305 (ඕවර් 69.1)
ෂෙවෝන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, චාමික කරුණාරත්න 35, නිමේෂ් විමුක්ති 16 (දිලුම් සුදීර 60/5)

ගෝල් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 371 (ඕවර් 98)
නිපුන් ධනංජය 14, ඕෂධ ප්‍රනාන්දු 62, දිනේෂ් චන්දිමාල් 40, දුනිත් වෙල්ලාලගේ 68, රමේෂ් මෙන්ඩිස් 124, අතිරේක 32 ( සිතුම් දිසානායක 57/3, චාමික ුනාරත්න 100/2, අසංක මනෝජ් 59/3, නිමේෂ් විමුක්ති 65/2)

ජැෆ්නා පිල දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 354 (ඕවර් 71.4)
රවිඳු රෂාන්ත 20, ෂෙවෝන් ඩැනියෙල් 96, තනුක දාබරේ 44, ඇන්ජලෝ මැතිව්ස් 103, නිරෝෂන් දික්වැල්ල නොදැවී 60, අත්රේක 19
(නිසල තාරක 34/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee