slc
logo
Home   |    News
අප්‍රේල් 25, 2025
තුන්කොන් ශූරතාව ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට

sinhala editor

ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වයෙන් අබුඩාබි නුවරදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද (25 දා) පස්වරුවේ සමත්වූවේය. අවසන් මහ තරගයේදී අයර්ලන්ත පිලට එරෙහිව කඩුලු 5ක පහසු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ එම ශූරතාව දිනාගත්හ.

පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 47.3 කදී ලකුණු 200 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නෝ සමත්වද්දී එම ඉලක්කය හඹා ගිය පිතිකරුවෝ පන්දුවාර 34.3 කදී ජයග්‍රහණය වාර්තා කරන ලද්දේ කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා දෙමිනි.

ලකුණු 201 ක ඉලක්කයක් හමා යෑමට පිටියට පිවිසීමේදී පළමු කඩුලු 5 ම ලකුණු 43 කදී දැවී යෑම ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ආරම්භය අවධානම් විය. කෙසේ වෙතත් 6 වැනි කඩුල්ලට එක් වුණු පවන් රත්නායක සහ මිලාන් රත්නායක ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවධානමෙන් මුදවා ගත්තා පමණක් නොව ජයග්‍රහණය කරා ද රැගෙන ගියහ.  

වේග පන්දු යවන්නකුට අමතරව තමන් හොඳ පිතිකරුවකු යැයි අද තරගයේදී යලිත් පෙන්නුම් කළ මිලාන් රත්නායක, 6 වැනි කඩුල්ල වෙනුවෙන් පවන් රත්නායක සමඟ ලකුණු 160 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට දායකත්වය දැක්වූහ. එම සම්බන්ධතාව ශ්‍රී ලංකා ‘ඒ‘ ජයග්‍රහයට දොරටු විවර කර දුන්හ. පන්දු 153 කදී වාර්තා වුණු එම හය වැනි කඩුල්ලේ සම්බන්ධතාවයේදී රත්නායකයන් දෙපළම ලකුණු 77 බැගින් රැස් කිරීම කැපී පෙනිණ.

පන්දු 76 කදී පවන්ගේ‍ ඉනිම වාර්තා වද්දී මිලාන් තම ඉනිම සඳහා පන්දු 83 කට මුහුණ දී තිබුණේය. මොවුන් දෙපළම තම ඉනිමට හයේ පහර 2 ක බැගින් සහ හතරේ පහර 9 බැගින් එල්ල කර තිබීම කැපි පෙනිණ.

නුවනිඳු ප්‍රනාන්දු සහ නායක සදීර සමරවික්‍රම දෙදෙනාම පිට පිට පන්දු දෙකකදී දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි සහන් ආරච්චි සහ ළහිරු උදාරද ලකුණක් ඇතුළත දැවී ගියහ.

අයර්ලන්ත ‘ඒ‘ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු තරිඳු රත්නායක පන්දුවාර 10 කදී නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 33 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගත්තේය. ඔහුට අමතරව පිත්තෙන් ද දස්කම් දැක්වූ මිලාන් රත්නායක කඩුලු 3 ක් දවා ගනිද්දී දුෂාන් හේමන්ත කඩුලු 2 ක් දවා ගත්තේය. මෙම තරගයේ වීරයා සම්මානයෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ මිලාන් රත්නායක සම්මාන දිනා ගත්තේය.

අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 473 කදී සියලු දෙනා දැවී ලකුණු 200 යි – (ස්ටීවන් ඩොහනී 19, කේඩ් කාමිකේල් 21, මෝගන් ටොපිං 73, රොස් අඩයර් 16, තෝමස් මෙයස් 36, තරිඳු රත්නායක 33/4, මිලාන් රත්නායක 24/3 දුෂාන් හේමන්ත 51/2, මොහොමඩ් ශිරාස් 20/1)

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 34.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 203 යි – (පවන් රත්නායක 77*, මිලාන් රත්නායක 77*, ළහිරු උදාර 16, කමිල් මිශාර 10, තෝමස් මේයස් 38/3, ලියම් මැකර්ති 50/2)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee