slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2025
දඹුල්ල දෙවැනි පූර්ණ ජය වාර්තා කොට පෙරමුණට එයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍ය කඩුලු 4කින් ජයගත් දඹුල්ල ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කරමින් ලකුණු සටහ‍නේ පෙරමුණට පැමිණියහ. තරගයේ අවසන් දිනයේ අවසන් ඕවර් කිහිපයේදී තීරණයක් ලැබුණු මෙම තරගය උණුසුම් මුහුනුවරක් ගත්තේය.

ජයග්‍රහණය වෙන‍ුවෙන් ලකුණු 392ක ඉලක්කයක් එල්ලවූ අතර, දසුන් ශානක පන්දු 56කදී හයේ පහර 6ක් හා හතරේ පහර 9ක් සමඟ වේගවත් ලකුණු 100ක් ලබා ගැනී‍මෙන් අවශ්‍ය ලකුණු වේගය ගොඩනැගුණි. දසුන් පළමු ඉනිමේදී පන්දු 67කදී හ‍යේ පහරක් හා හත‍රේ පහර 7ක් සමඟ ලකුණු 63ක් ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 153කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 126ක් ලබා ගැනීම හා රොන් චන්ද්‍රගුප්ත පන්දු 89කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 64ක් ලබා ගැනීමද ජයග්‍රහණයට අති විශාල රුකුලක් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 453ක් ලබාගත් අතර, ගෝල් පිල පළමු ඉනිමට ලකුණු 340ක් ලබා ගත්තේය. කැන්ඩි පිල දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවි ලකුණු 278ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවිය.

පන්දුවෙන් දස්කම් දැක්වූ දඹුල්ල පිලේ අකිල ධනංජය පළමු ඉනිමේදී ලකුණු 140කට කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 87කට කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වීම කැපී පෙණුනි.

තරගයෙන් පරාජයට පත් වුවද කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පළමු ඉනිමේදී පන්දු 260කට මුහුණදී හතරේ 19ක් සමඟ ලකුණු 202ක් ලබාගත් අතර, වමතින් පන්දුවට පහර දෙන සොහාන් ද ලිවේරා හතරේ පහර 17ක් සමඟ පන්දු 169කදී ලකුණු 142ක් ලබා ගැනීමට සමත් විය. මේ දෙදෙනා අතර, 5 වැනි කඩුල්ලට පන්දු 300කදී ලකුණු 245ක සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුණි.

දඹුල්ල පිල වෙනුවෙන් ධනංජය ද සිල්වා ‍ලකුණු 108ක්, කැන්ඩි පිලේ පවන්ත වීරසිංහ ලකුණු 101ක් හා රවිඳු ප්‍රනාන්දු ලකුණු 74ක් ලබා ගත්හ.

කැන්ඩි පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 453 (ඕවර් 97)
පැතුම් නිස්සංක 202, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා 142, රවිඳු ප්‍රනාන්දු 37, අතිරේක 14 (දිනුර කළුපහන 64/2, අකිල ධනංජය 140/5, චමිඳු විජේසිංහ 59/3)

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 340 (ඕවර් 84.4)
නිෂාන් මධුෂ්ක 31, රොන් චන්ද්‍රගුප්ත 17, ධනංජය ද සිල්වා 108, සහන් කෝසල 34, දසුන් ශානක 63, විෂාද් රන්දික 40 (ෂිරාන් ප්‍රනාන්දු 2/3, සහන් නානායක්කාර 125/2, අශේන් ඩැනියෙල් 109/4)

කැන්ඩි පිල දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 278 (ඕවර් 70.5)
ජනිෂ්ක පෙ‍රේරා 27, පවන්ත වීරසිංහ 101, සොහාන් ද ලිවේරා 32, රවිඳු ප්‍රනාන්දු 74, අතිරේක 15 (දුලාජ් සමුදිත 47/2, අකිල ධනංජය 87/5 )

දඹුල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 392 (ඕවර් 64.5)
නිෂාන් මධුෂ්ක 126, රොන් චන්ද්‍රගුප්ත 64, දසුන් ශානක 100, දිනුර කළුපහන 24, සහන් කෝසල 23, විෂාද් රන්දික නොදැවී 35, අතිරේක 18 (ෂිරාන් ප්‍රනාන්දු 54/2, සහන් නානායක්කාර 115/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee