slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2025
පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් තරගය මේ මස 27 වැනිදා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් ගෝල් කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ පිල ලකුණු 422ක් ලබා ගත්තේය. දෙවැනි ඉනිමට ගෝල් පිල කඩුලු 3ක් දැවී ලකුණු 118ක් ලබා සිටියදී තරගය නිමාවට පත් විය.

මෙම තරගය පිතිකරුවන්ට පාරාදීසයක් වූ අතර, දෙපිලෙන්ම ශතක ‍දෙකක් වාර්තා වූ අතර, තරගය පුරා අර්ධ ශතක 5ක් එක් වූවේය.

ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් පන්දු 195ක් වැයකොට හතරේ පහර 14 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 132ක් ලබා ගත් අතර, කොළඹ පිලේ නායක චරිත් අසලංක පන්දු 207කට මුහුනදී හයේ 2ක් හා හත‍ේ පහර 17ක් සමඟ අගනා ලකුණු 151ක් එක් කළේය.

ගෝල් පිලේ රමේෂ් මෙන්ඩිස් ලකුණු 72ක්, දිලුම් සුධීර නොදැවී ලකුණු 66ක්, නිසල තරක ලකුණු 76ක් හා නිපුන් ධනංජය ‍නොදැවී ලකුණු 73ක් වාර්තා කළහ. කොළඹ පිල ‍වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 53ක් හා ධනංජය ලක්ෂාන් ලකුණු 60ක් ලකුණු පුවරුවට එක් කළහ.

ගෝල් ඉනිමේදී චන්දිමාල් හා රමේෂ් මෙන්ඩිස් එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 217කදී ලකුණු 119ක් එක්කළ අතර, කොලඹ පිලේ ධනංජය ලක්ෂාන් හා අවිශ්ක ප්‍රනාන්දු දෙවැනි කඩුල්ලට පන්දු 155කදී ලකුණු 116ක් හා කවීන් බණ්ඩාර හා චරිත් අසලංක 5 වැනි කඩුල්ලට පන්දු 179කදී ලකුණු 112ක් එක් කිරීමට සමත් වූහ.

ගෝල් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 435 (ඕවර් 136.2)
දිනේෂ් චන්දිමාල් 132, රමේෂ් මෙන්ඩිස් 72, දුනිත් වෙල්ලාලගේ 21, සන්තුෂ් ගුණතිලක 15, දිලුම් සුධීර නොදැවී 66, නිසල තරක 76 (ධනංජය ලක්ෂාන් 99/5)

‍කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 422 (ඕවර් 123.3)
අවිශ්ක ප්‍රනාන්දු 53, ධනංජය ලක්ෂාන් 60, සනෝජ් දර්ශික 18, චරිත් අසලංක 151, කවීන් බණ්ඩාර 40, රනේෂ් සිල්වා 19, ප්‍රමෝද් මධුසංඛ 45. නිශාන් පීරිස් 25 ( නිසල තාරක 79/2, රමේෂ් මෙන්ඩිස් 115/2, දුනිත් වෙල්ලාලගේ 81/4 )

ගෝල් පිල දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 118 (ඕවර් 36)
නිපුන් ධනංජය ‍නොදැවී 73, සන්තුෂ් ගුණතිලක ‍නොදැවී 28 (ධනංජය ලක්ෂාන් 99/5)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee