slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2025
පළමු පෙළ ක්‍රීඩකයින් 45 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කොන්ත්‍රාත් පිරිනමයි

sinhala editor

දේශීය තරග පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්කේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන්වල කොටසක් ලෙස, 2025 වසරේ දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 45 දෙනෙකු සදහා වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

මෙරට පළමු පෙළ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පොරොන්දු වූ අයුරින් මෙම කොන්ත්‍රාත් පිරිනැමීම සිදුකරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සිදුකරන ලද තේරීම් මත පදනම්ම මෙම ගිවිසුම්ගත ක්‍රීඩකයින් ‘ඒ‘, ‘බී‘, ‘සී‘ සහ ‘ඩී‘ යන කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර ඇත.

‘ඒ‘ කාණ්ඩය – ධනංජය ලක්ෂාන්, ළහිරු මදුශංක, නිපුන් රන්සික, ෂෙවෝන් ඩැනියල්, අහන් වික්‍රමසිංහ, නිරෝෂන් දික්වැල්ල, ඉසිත විජේසුන්දර, නිමේෂ් විමුක්ති, තරිඳු රත්නායක, නිපුන් ධනංජය, නිසල තාරක, කමිල් මිශාර, අෂේන් බණ්ඩාර, රවිඳු ප්‍රනාන්දු, චාමික ගුණසේකර, වනුජ සහන්, ලසිත් කෘෘස්පුල්ලේ, විශාද් රන්දික, දිනුර කලුපහන, ලසිත් ඇඹුල්දෙණිය.

‘බී‘ කාණ්ඩය – සනෝජ් දර්ශික, කවිශ්ක අංජුල, දිලුම් සුදීර, අෂේයින් ඩැනියල්, රොන් චන්ද්‍රගුප්ත

‘සී‘ කාණ්ඩය – කවීන් බණ්ඩාර, මුදිත ලක්ෂාන්, රවිඳු රසාන්ත, තනුක දාබරේ, මොහොමඩ් ශමාස්, ජනිෂ්ක පෙරේරා, සොහාන් ද ලිවේරා, සහන් කෝසල, ශම්මු අශාන්, දුවිඳු තිලකරත්න.

‘ඩී‘ කාණ්ඩය – ආර්. පී. එන්. ප්‍රියදර්ශන, ටී.එන්. සම්පත්, එන්.සී. කොමසාරු, ඩබ්. ජී. ආර්. එල්. විජේනායක, ඩබ්. ඩබ්. ඒ. ජී. මනීෂාන්, ආර්. පී. තටිල්, කේ. පී. එන්. කේ. කරුණානායක, අයි. එස්. එස්. සමරසූරිය, දුෂාන් විමුක්ති, ලක්ෂාන් සඳකැන්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee