slc
logo
Home   |    News
අප්‍රේල් 21, 2025
රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 206ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටී.

පල්‍ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු රවිඳු රසන්ත නොදැවී ශතකයක් ලබා පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු 196 කදී හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 100ක් රැස් කළ රවිඳු රසන්ත තෙවැනි කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්ව පන්දු 248කදී නොබිඳුනු ලකුණු 131ක සබඳතාවක් ගොඩනඟමින් සිටී.

ප්‍රවීණ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 113කදී හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 63ක් රැස් කළේය. අංක තුන පිතිකරු තනුක දාබරේ පන්දු 49කදී හත‍ේ පහර 6ක සමඟ ලකුණු 33ක් ලබා සිටියදී දැවී ගිය අතර, ඔහු රවිඳු රසාන්ත සමඟ දෙවැනි ඩුල්ලට පන්දු 87කදී ලකුණු 51ක සම්බන්ධතාවක් ගොඩ නැගීය.

ජැෆ්නා පිල කඩුලු 2ක් දැවී ලකුණු 206 (ඕවර් 62)
රවිඳු රසන්ත නොදැවී 100, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් ‍නොදැවී 63 (දුලාජ් සමුදිත 38/1, දිනුර කළුපහන 19/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee