slc
logo
Home   |    News
අප්‍රේල් 4, 2025
ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් තරග කාලසටහනේ සංශෝධනයක්

sinhala editor

බංග්ලාදේශ අවු. 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග 6 කින් සමන්විත එක්දින තරගාවලියේ දිනයක් සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල සංශෝධන සිදුකිරීමට ශ්‍රී ලකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

ඒ අනුව මූලික සැලසුමට අනුව මෙම තරගාවලියේ සියලුම තරග පැවැත්වීමට නියමිතව තිබුණේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ වන නමුත් නව සංශෝධනයට අනුව එම තරග සියල්ලම කොළඹදී පැවැත්වීමට පියවර ගෙන තිබේ. ඒ අනුව තරගාවලියේ සියලුම තරග කොළඹ කෝල්ට්ස්, සී.සී.සී. සහ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

මේ අතර මැයි මස 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගය අප්‍රේල් මස 30 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අප්‍රේල් මස 26 වැනිදා පැවැත්වීමට නිියමිත පළමු එක්දින තරගයට පෙර අප්‍රේල් මස 24 වැනිදා බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පුහුණු තරගයකට සහභාගිවීමට නියමිත අතර එම තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දිනයතරගය ක්‍රීඩාංගණය
අප්‍රේල් 24පුහුණු තරගයකෝල්ට්ස්
අප්‍රේල් 26පළමු එක්දින තරගයසී.සී.සී
අප්‍රෙල් 28දෙවැනි එක්දින තරගයසී.සී.සී.
අප්‍රේල් 30තෙවැනි එක්දින තරගයකෝල්ට්ස්
අප්‍රේල් 03සිව්වැනි එක්දින තරගයසී.සී.සී.
අප්‍රේල් 05පස්වැනි එක්දින තරගයඑස්.එස්.සී.
අප්‍රේල් 08හයවැනි එක්දින තරගයකෝල්ට්ස්

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee