slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2025
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට

sinhala editor

තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්විය. ඒ සමඟම මූලික වටය යටතේ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම තරග වැදි තරග 4 න් 4 ම ජය ගනිමින් අපරාජිතව අවසන් මහ තරග වරමට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

මේ මස 25 වැනිදා පැවැත්වීමට නියමිත අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාවද අද අහිමිවූයේ අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායමට වඩා අඩු ලකුනු ලබා ගැනීමේ දළ වේගයක් රඳවා ගැනීමට නොහැකිවීම නිසාය. ඒ අනුව අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින්නේ අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම වේ.

අද තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නන් හමුවේ නියමිත පන්දුවාර 50 අවසනදී රැස් කරගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 228 ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ අදාළ ඉලක්කය පන්දුවාර 39.5 ක් අවසනදී රැස් කර ගත්තේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබාදීමෙනි.

මෙම ජයග්‍රහණය පහසු කරවූ ප්‍රධානම සාධකය බවට පත්වූයේ ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන පන්දු යැවීම විය. ඒ අතරින් කැපී පෙනුණු දඟ පන්දු යවන තරිඳු රත්නායක තම පන්දුවාර 10 දී එක් නිලකුණු පන්දුවාරයක් සමඟින් ලකුනු 45 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූවේය. ඔහුට අමතරව මිලාන් රත්නායක සහ වනුජ සහන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත්වූහ. ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ නායක ඩව්රිෂ් රසූලි වන අතර ඔහු පන්දු 77 කදී ලකුණු 76 ක් රැස් කර ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ කමිල් මිශාර වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 72 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 81 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පිතිකරණයෙන් අවශ්‍ය අඩිතාලම දැමීමට සමත්වූවේය.

කලකට පසු ආරම්භක පිතිකරුවකු ලෙසින් පිටියට පිවිසි චමිඳු වික්‍රමසිංහ මුලු ලකුණු සංඛ්‍යාව 30 ක්ව තිබියදී පිටියෙන් ඉවත්වූ නමිත් මිශාර එක්වුණු නුවනිඳු ප්‍රනාන්දු පන්දු 54 කදී ලකුණු 51 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණයක් කරා පියමං කිරීමට අවශ්‍ය වට පිටාව ලැස්ති කළහ. මැද පෙළින් පැමිණි පවන් රත්නායකද පන්දු 41 කදී ලකුණු 46 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

තරගයේ වීරයා ලෙසින් පන්දුවෙන් දස්කම් දැක්වු තරිඳු රත්නායක සම්මාන ලැබීය.

ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 50 දී කඩුලු 8 ක් දැවී ලකුණු 228 යි – (ඩව්රිෂ් රසූලි 76, අක්‍රම් අලිකිල් 36, කේස් අහමඩ් 36*, තරිඳු රත්නායක 45/4, මිලාන් රත්නායක 44/2, වනුජ සහන් 332)

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 39.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 232 යි – (කමිල් මිශාර 81, පසිඳු සූරියබණ්ඩාර 20, නුවනිඳු ප්‍රනාන්දු 51, පවන් රත්නායක 46*, වනුජ සහන් 12*, චමිඳු වික්‍රමසිංහ 12, නවීඩ් සද්‍රාන් 52/2, කේස් අහමඩ් 40/3)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee