ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ටියර් ‘බී‘ කොටසේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 17 වැනිදා කොළඹදී ආරම්භ වේ. කණ්ඩායම් 12 ක් තරග වදිනු ලබන මෙවර තරගාවලිය ලබන ජූනි මස 05 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයෙන් නිමාවට පත් වනු ඇත.
තරගාවලියේ සියලම තරග කොළඹ, එස්.එස්.සී., කෝල්ට්ස්, මග්ගොන සරේ, කෝල්ට්ස්, ගුවන් හමුදා සහ දොඹගොඩ යන ක්‍රීඩාංගණලදී පැවැත්වේ.
ටියර් ඒ කොටසේ තරගාවලිය මෙන්ම මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ට පත්වන කණ්ඩායම් අතර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. පිළිමළුන් පිටුදැකීමේ තරග වටය ජූනි මස 01 වැනිදා ද අවසන් පූර්ව තරග ජුනි මස 03 වැනිදාද පැවැත්වෙනු ඇත.
ඉකුත් වසරේ ටියර් ‘ඒ‘ කොටසේ තරගාවලිය නියෝජනය කළද ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානවලට පත් ප්‍රධානතම ක්‍රීඩා සමාජ වන එස්. එස්. සී. සහ රාගම යන ක්‍රීඩා සමාජද මෙම තරගාවලිය නියෝජනය කිරීම කැපී පෙනෙයි.
ඉකුත් වසරේ පැවැති ටියර් බී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මැලේ ක්‍රීඩා සමාජය සමත්විය. ඔවුන් විසින් අවසන් මහ තරගයේදී යුද හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් එම ශූරතා කුසලා දිනාගනු ලැබීය.
‘ඒ‘ කාණ්ඩය – මැලේ, එස්. එස්. සී., නිගම්බු, සෙබස්තියනයිට්ස්, ගෝල්, නාවික හමුදා
‘බී‘ කාණ්ඩය – යුද හමුදා, ලියෝ, කැන්ඩි කස්ටම්ස්, රාගම, යුනයිටඩ් සදර්න්, මොරටුව.