slc
logo
Home   |    News
මැයි 30, 2025
එස්එස්සී නායක අවිශ්ක හයේ 16ක් සමඟ ලකුණු 118යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 තරගාවලියේ ටියර් ‘බී’ යටතේ අද පැවති තරගයකදී එස්එස්සී පිලේ නායක අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 118ක් රැස් කිරීමත් සමඟ සෙබස්තියනයිට්ස් පිල ලකුණු 9කින් පරාජය කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය සමත් විය.

අවිශ්ක පන්දු 38කදී හයේ පහර 16කින් හා හතරේ පහර 2කින් ඉනිම වර්ණවත් කිරී‍මන් එස්එස්සී ලකුණු පුවරුව ඉහළ ගියේය. නිපුන් ධනංජය හතරේ පහර 2ක් සමඟ පන්දු 32කින් ලකුණු 30ක් රැස් කිරීමට සමත් විය.

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී එස්එස්සී පිල දුන් ලකුණු 193ක දැවැන්ත ඉලක්කය හඹාගිය සෙබස්තියනයිට්ස් ඉනිම ඕවර් 12ක් වෙද්දී වර්ෂාව හේතු‍‍වෙන් නවතා දැමුණු අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එස්එස්සී පිලට ලකුණු 9ක ජයක් හිමි විය. සෙබස්තියනයිට්ස් ඉනිම  නවතා දමද්දී කඩුල්ලක් දැවී ලකුණු 91ක් රැස් කර තිබිණි. කවින් පීරිස් ලකුණු 29ක් සහ නායක ළහිරු ප්‍රනාන්දු ලකුණු 20ක් රැස් කරමින් නොදැවී සිටියහ.

එස්.එස්.සී කණ්ඩායමට ලකුණු 09 ක ජයක්

එස්.එස්.සී. පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 192 යි – අවිශ්ක ප්‍රනාන්දු 118, නිපුන් ධනංජය 30, ෂෙවෝන් ඩැනියල් 11, ක්‍රිෂාන් සංජුල 21)

සෙබස්තියනයිට්ස් ප න්දුවාර 12 කදී කඩුලු 1 ක් දැවී ලකුණු 91 යි – (කෙවින් පීරිස් 29, මනුප මන්මිත 26, ළහිරු ප්‍රනාන්දු 20)

යුනයිටඩ් සදර්න් පිලට කඩුලු 7 ක ජයක්

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මොරටුව ක්‍රීඩා සාමාජය කඩුලු 7කින් පරාජය විය.

මොරටුව ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 103 (ඕවර් 19. 3) අමිත දාබරේ 10, අනුෂ්ක පෙරේරා 40, අභිෂේක් ලියනාරච්චි 10 ( පෙසඳු සන්ජාන් 10/5)

යුනයිටඩ් සදර්න් පිල කඩුලු 3ක දැවී ලකුණු 104 (ඕවර් 19.2) දෙනුවන් රාජකරුණා නොදැවී 47, රවීන් පෙරේරා නොදැවී 35 ( උෂාන් සත්සර 18/2)

මැලේ ක්‍රිකට් සමාජය කඩුලු 4කින් ජය ගනියි

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 4කින් පරාජයට පත් වූවේය.

මීගමුව ක්‍රිකට් සමාජය කඩුලු 4කට ලකුණු 109 (ඕවර් 20) -කේෂාන් වන්නිආරච්චි 22, කෙවීන් ප්‍රනාන්දු 19, උමේෂ් ලක්ෂාන් නොදැවී 32 (චානක දේවේන්ද්‍ර 9/2)

මැලේ ක්‍රිකට් සමාජය කඩුලු 6තට ලකුනු 112 (ඕවර් 19) බුද්ධික හසරංග 17, පුලස්ති අතපත්තු 18, වොෂිත අමරසිංහ නොදැවී 50, ටෙරන් බාස්කරන් නොදැවී 12  

යුද හමුදාවට කඩුලු 7ක ජයක්

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී කැන්ඩි කස්ටම්ස් පිල පරාජයට පත් විය.

කැන්ඩි කස්ටම්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 55 (ඕවර් 17.2) අවිඳු තීක්ෂණ 15 ( ලිලාන් පෙරේරා 12/3, තීක්සණ වික්‍රමසිංහ 0/2)

ශ්‍රී ලංකා යුද හමුදාව කඩුලු 3ක් දැවී ලකුණු 53 (ඕවර් 7.1) අෂාන් සඳරුවන් 28, ඉෂාර මෙන්ඩිස් 23 ( රජිඳු තිලකරත්න 5/2)

ගාල්ල පිලට කඩුලු 9ක ජයක්

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී නාවික හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත් විය.

ගාල්ල ක්‍රිකට් පිල කඩුලු 8ක් දැවී ලකුණු 140 (ඕවර් 20) නිකිල් ජයවීර 21, අමිත් එරංද 11, ලිසුල ලක්ෂාන් 67, කෙවීන් කෙත්තිගොඩ 19 ( ගිහාන් ද සොයිසා 32/2, ළහිරු සවින්ද 26/3)

නාවික හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 131 (ඕවර් 20) හසිඳු පියුමාල් 17, පූර්ණ චාරුක නොදැවී 66, චමින්ද පෙරේරා 11, ජනිත් ප්‍රනාන්දු නොදැවී 12 ( කොවීන් රුක්ෂාන් 30/2, අමිත කෞෂල්‍ය 15/4, හසිත සුරංග 10/2)

රාගම පිලට ලකුණු 1ක තියුණු ජයක්

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලියෝ ක්‍රිකට් පිල පරාජයට පත් වූවේය.

රාගම පිල සියලු දෙනා දැවී ලකුණු 112 (ඕවර් 19.4)  සමීන් කඳනාරච්චි 21, රන්මිත් ජයසේන 26, විකුම් සංජය 23 (විශ්ව රාජපක්ෂ 23/2, සුපුන් දිල්ෂාන් 16/2, ෂෙහාන් චතුරංග 28/3)  

ලියෝ ක්‍රිකට් පිල කඩුලු 7ක් දැවී ලකුණු 111 (ඕවර් 20)  හිරුන සිගේරා 33, අශේන් මෙන්ඩිස් 14, කළණ මධුසංඛ නොදැවී 31, පැතුම් මෙන්ඩිස් 11 ( කවීෂ දුලංජන 26/2, ‍ොෂාන් ජයවික්‍රම 8/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar