ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග 5ක් වර්ෂාව හේතුවන් අත්හැර දැමූ අතර, පස්වරුවේ ආරම්භ වූ නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගයෙන් ලකුණු 13ක ජයක් නුගේගොඩ පිලට හිමි විය. අද දිනයේදී එම තරගය පමණක් ඕවර් ගණන අඩුකොට පැවැත්වීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.
පී. සරා ඕවල් ක්‍රීඩාංගණේ පැවැත්වීමට සැලසුම්කොට තිබූ කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය (සීසීසී) හා එන්සීසී අතර තරගය එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමුණු අතර, ඒ ආකාරයෙන්ම සීසීසී ක්‍රීඩා බිටියේ පැවැත්වීමට නියමිතවූ ටැමිල් යූනියන් – එන්සීසී තරගයත්, එන්සීසී පිටියේ පැවැත්වීමට නියමිත වූ බඳුරලිය ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල අතර තරගයත්, සීසීසී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානම් වූ කොල්ට්ස් ක්‍රිකට් සමාජය හා බ්ලූම්ෆීල්ඩ් අතර තරගයත්, එන්සීසී ක්‍රීඩාංගණයේ සූදානම්‍කොට තිබූ මුවර්ස් ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර තරගයත් මෙලෙස අත්හැර දැමීමට සිදු වූහ.
පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් ඕවර් 13කට සීමා වූ තරගයේ නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 110ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හලාවත මේරියන්ස් පිල ඕවර් 13 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 97ක් රැස්කර තිබිණි. හලාවත පිලට තර්ජනයක් දෙමින් පන්දු යැවූ අකිල දිල්ෂාන් කඩුලු 3ක් හා අබ්දූල් හකීම්, සුවත් මෙන්ඩිස් කඩුලු දෙක බැගින් බිඳහෙළුෑහ.
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා පන්දු 36කදී හයේ 3ක් හා හතරේ 3ක් සමඟ ලකුණු 57ක් ලබාගත් අතර, අක්රම් මුතාලිෆ් පන්දු 28කදී හතේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේය.
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 110 (ඕවර් 13) – ඇන්ජලෝ පෙරේරා 57, අක්රම් මුතාලිෆ් නොදැවී 31 (ෂම්මු අෂාන් 25/4)
හලාවත මේරියන්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 97 (ඕවර් 13) – යශෝධ ලංකා 17, තනුක දාබරේ 11, හිරාන් ජයසුන්දර 16, සකුන ලියනගේ නොදැවී 30 ( අකිල දිල්ෂාන් 30/3, අබ්දූල් හකීම් 25/2, සුවත් මෙන්ඩිස් 10/2)