slc
logo
Home   |    News
මැයි 29, 2025
තරග 5ක් අත්හැර දමද්දී නුගේගොඩ පමණක් ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග 5ක් වර්ෂාව හේතු‍වන් අත්හැර දැමූ අතර, පස්වරුවේ ආරම්භ වූ නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගයෙන් ලකුණු 13ක ජයක් නුගේගොඩ පිලට හිමි විය. අද දිනයේදී එම තරගය පමණක් ඕවර් ගණන අඩුකොට පැවැත්වීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණ‍ේ පැවැත්වීමට සැලසුම්කොට තිබූ කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය (සීසීසී) හා එන්සීසී අතර තරගය එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමුණු අතර, ඒ ආකාරයෙන්ම සීසීසී ක්‍රීඩා බිටියේ පැවැත්වීමට නියමිතවූ ටැමිල් යූනියන් – එන්සීසී තරගයත්, එන්සීසී පිටියේ පැවැත්වීමට නියමිත වූ බඳුරලිය ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල අතර තරගයත්, සීසීසී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සූදානම් වූ කොල්ට්ස් ක්‍රිකට් සමාජය හා බ්ලූම්ෆීල්ඩ් අතර තරගයත්, එන්සීසී ක්‍රීඩාංගණයේ සූදානම්‍කොට තිබූ මුවර්ස් ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය අතර තරගයත් මෙලෙස අත්හැර දැමීමට සිදු වූහ.

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් ඕවර් 13කට සීමා වූ තරගයේ  නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 110ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හලාවත මේරියන්ස් පිල ඕවර් 13 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 97ක් රැස්කර තිබිණි. හලාවත පිලට තර්ජනයක් දෙමින් පන්දු යැවූ අකිල දිල්ෂාන් කඩුලු 3ක් හා අබ්දූල් හකීම්, සුවත් මෙන්ඩිස් කඩුලු දෙක බැගින් බිඳහෙළුෑහ.

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා පන්දු 36කදී හයේ 3ක් හා හතරේ 3ක් සමඟ ලකුණු 57ක් ලබාගත් අතර, අක්රම් මුතාලිෆ් පන්දු 28කදී හත‍ේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේය.

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 110 (ඕවර් 13) – ඇන්ජලෝ පෙරේරා 57, අක්රම් මුතාලිෆ් නොදැවී 31 (ෂම්මු අෂාන් 25/4)

හලාවත මේරියන්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 97 (ඕවර් 13) – යශෝධ ලංකා 17, තනුක දාබරේ 11, හිරාන් ජයසුන්දර 16, සකුන ලියනගේ නොදැවී 30 ( අකිල දිල්ෂාන්  30/3, අබ්දූල් හකීම් 25/2, සුවත් මෙන්ඩිස් 10/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee