slc
logo
Home   |    News
මැයි 2, 2025
දෙව්මි විහංගාට එක්දින වරම්

sinhala editor

සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීම සඳහා සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

මෙම තරගයද සමඟින් මූලික වටය යටතේ කණ්ඩායමට දෙකටම තරගාවලියේදී ඉතිරිව ඇත්තේ තවත් තරග 3 බැගින් වන අතර අද තරගයේ ප්‍රතිඵලය අවසන් මහ කණ්ඩායමට සුදුසුකම් ලබන් කණ්ඩායම බොහෝ දුරට තීරණය වීමට වැඩි ඉඩක් නිර්මාණය වී තිබේ. එය අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට බරපතල තත්ත්වයක් නොවූවද එය සුමට තත්ත්වයෙන් තබා ගැනීමට අද තරගයේ ජය ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු අප්‍රිකාවට බෙහෙවින් වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාව මූලික වටය යටතේ තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියාව අතර තරග වැදුණු අතර එම තරගයෙන් ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාව පරදා පහසු ජයක් වාර්තා කළේය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව මූලික වටයේ ඉන්දියාවට එරෙහිව සහභාගිවුණු තරගයේදී ලකුණු 277 ක ජයග්‍රාහී ඉලක්කයක් හමා යමින් තරගය පරාජයට පත්වූයේ ලකුණු 15 ක පරතයකිනි. එබැවින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දළ  ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ශ්‍රී ලංකාවට වඩා වඩාත් ඉදිරියෙන් පසුවීම ශ්‍රී ලංකාව අවාසි සහගත සිදුවීමක් වී තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව  පැවැති තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ එකම වෙනස් කමක් හෝ සිදුනොකරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම අද තරගයට අවතීර්ණ ව සිටින නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී වෙනස්කම් තුනක් සිදුකරමින් අවතීර්ණව සිටියි. ඒ අනුව පෙර තරගයේදී ස්ථානය අහිමිව තිබූ ආරම්භක පිතිකාරිණි විශ්මි ගුණරත්න, දඟ පන්දු යවන සුගන්ධිකා කුමාරි සහ නවක ක්‍රීඩිකාවක වන දෙව්මි විහංගා අද තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් එක්ව සිටිති. පෙර තරගයට ක්‍රීඩා කරන ලද හංසිමා කරුණාරත්න සහ වේග පන්දු යවන්නියක වන අචිනි කුලසූරියගේ ස්ථානය සදහා විශ්මි ගුණරත්න සහ සුගන්ධිකා කුමාරිව කැඳවා තිබේ. මෙහිදී විශ්මි අංක 4 ස්ථානයෙන් පන්දුවට පහර දීමට නියමිතය. එමෙන්ම අද තරගය දෙව්මිගේ මංගල එක්දින කාන්තා තරගය වන අතර ඇය කණ්ඩායමට එකතුවීමේදී පළමු තරගයේදී එක්දින වරම් දිනාගත් පියුමි වත්සලාට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.  දෙව්මි විහංගාට එක්දින වරම් හිමිකර දීම වෙනුවෙන් පිරිනැමෙන හිස්වැස්ම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන තරිඳු පෙරේරා විසින් පිරිනමන ලදී. ඒ අනුව ඇය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 82 වැනි ක්‍රීඩිකාව බවට පත්වූවාය.

ගම්පහ රත්නාවලී බාලිකා විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශෂ්ඨ පී සිටින දෙව්මි විහංගා දකුණතින් දඟ පන්දු යවන දකුණත් පිතිකාරිනියකි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද අවු. 19 න් පහළ බාළිකා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද දෙව්මි මීට පෙර ශ්‍රී ලංකා ‘ඒ‘ කාන්තා කණ්ඩායමද නියෝජනය කරමින් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කරගත්තාය. ඇය එම බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොඳම කණ්ඩායමට තේරීමට සමත්වූ එක ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වූවාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, දෙව්මි විහංගා, මල්කි මදාරා, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම – ලෝරා ලොව්වාඩ් (නායිකා), ටස්මින් බ්‍රිට්ස්, ලාරා ගුඩෝල්, කාර්බෝ මෙසෝ, සන් ලූස්, ඇනරි ඩර්ක්සන්, ක්ලෝ ට්‍රියෝන්, නඩින් ද ක්ලාර්ක්, නොන්කුලුලෙකෝ ම්ලාබා, මසබටා ක්ලාස්, අයබොංගා ඛාකා.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee