slc
logo
Home   |    News
මැයි 16, 2025
පැතුම්ගේ හා ළහිරුගේ වේගවත් ප්‍රහාරයෙන් එන්සීසී ජය පහසු වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලි අද පැවැති තරගයකදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක හා ළහිරු උදාර තවත් පන්දු 42ක් ඉතිරිව තිබියදී එන්සීසී පිලට කඩුලු 6ක පහසු ජයග්‍රහණය ගෙන දුන්හ.

සීසීසී ක්‍රීඩා පිටියේ පැවැති එන්සීසී – කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල ඕවර් 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එන්සීසී පිල ඕවර් 13කදී කඩුලු 4ක් දැවී ලකුණු 138ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක හා අංක තුන පිතිකරු ළහිරු උදාර දෙවැනි කඩුල්ලට පන්දු 43කදී ලකුණු 104ක් රැස්කරමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළහ. පැතුම් පන්දු 21කදී හයේ පහර 4ක් හා හත‍රේ පහර 3ක් සමඟ ලකුණු 50ක් ලබාගත් අතර, ළහිරු උදාර පන්දු 25කදී හයේ පහර 2ක් හා හත‍රේ පහර 8ක් සමඟ ලකුණු 56ක් ලබා ගත්හ.

කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල කඩුලු 9ක් දැවී ලකුණු 135 (ඕවර් 20) – කවිඳු ඒකනායක 15, ලියෝ ෆ්‍රැන්සිස්කො 35, අසන්ත බස්නායක නොදැවී 31, දේෂාන් සෙනෙවිරත්න 11, අතිරේක 14 ( සම්පත් නිශ්ශංක 31/3, සහන් ආරච්චිගේ 23/2)

එන්සීසී පිල කඩුලු 4ක් දැවී ලකුණු 138 (ඕවර් 13) – පැතුම් නිශ්ශංක 50, ළහිරු උදාර 56, කමීල් මිෂාර නොදැවී 10, අහන් වික්‍රමසිංහ නොදැවී 15 (දෙවිඳු තිලකරත්න 41/2)

බීආර්සී පිලට ලකුණු 66ක ජයක්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ‍පොලිස් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළේය. බීආර්සී පිලේ අංක 6 පිතිකරු මොවින් සුබසිංහ පන්දු 27කදී හයේ පහර 7ක් හා හත‍ේ පහර 4ක් සමඟ ලකුණු 72ක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙණුනි.

බීආර්සී පිල සියලු දෙනා දැවී ලකුණු 160 (ඕවර් 20) – සවින් ගුණසේකර 26, තරුක්ෂ අසෙල් 10, කුසල් විජේතුංග 25, මොවින් සුබසිංහ 72 ( චාරුක ප්‍රමෝද් 24/2, ඉසිර ආයුපාල 25/3, අශේන් බණ්ඩාර 31/2)

පොලිස් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 94 (ඕවර් 16.4) – විශාද් රන්දික 22, ධනුජ ඉඳුවර 17, අශේන් බණ්ඩාර 37 ( ශෂික දුල්ෂාන් 20/4, චමීර දිසානායක 16/2)

සීසීසී පිලට කඩුලු 6ක  ජයක්

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් සීසීසී පිල මුලින් පන්දු රැකීමට තීරණය කළේය. ජයග්‍රාහී සීසීසී පිලේ ධනංජය ද සිල්වා පන්දු 32කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 42ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ලකුණු 20කට කඩුලු 2ක් බිඳහෙලීමට සමත් වූවේය.

ඒස් කැපිටල් පිල කඩුලු 8ක් දැවී ලකුණු 98 (ඕවර් 20) – පවන් පතිරාජ 10, ළහිරු දවටගේ 15, හිමාෂ ලියනගේ 31, රවීන් ද සිල්වා 12, ඉසිත විජේසුන්දර 16 ( චතුරංග ද සිල්වා 9/2, ධනංජය ද සිල්වා 20/2)

සීසීසී පිල කඩුලු 4ක් දැවී ලකුණු 102 (ඕවර් 16) – ලසිත් කෘෘස්පුල්ලේ 13, ධනංජය ද සිල්වා 42, පවන් රත්නායක 10, සහන් කෝසල නොදැවී 28 ( ට්‍රෙවීන් මැතිව් 15/2)

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 4ක ජයක්

කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සනෝජ් දර්ශික පන්දු 42කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 55ක් එක් කළේය.

ටැමිල් යූනියන් පිල කඩුලු 8ක් දැවී ලකුණු 165 (ඕවර් 20) – මොහොමඩ් සමාස් 10, සිනෙත් ජයවර්ධන 61, මිනෝද් භානුක 13, භානුක රාජපක්ෂ 25, කවිඳු නිර්මාණ 14, සචිත ජයතිලක 23 ( ධනංජය ලක්ෂාන් 15/2, කවිෂ්ක අංජුල 19/4) 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 166 (ඕවර් 18.5) – රවිඳු රසාන්ත 28, ධනංජය ලක්ෂාන් 26, දුනිත් වෙල්ලාලගේ 16, සනෝජ් දර්ශික නොදැවී 55, මුදිත ලක්ෂාන් ‍නොදැවී 16, අතිරේක 16 ( තරිඳු රත්නායක 28/3)

බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 7ක ජයක්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළේය. දුලාජ සංජය හා රවිඳු ප්‍රනාන්දු කඩුලු 4 බැගින් බිඳහෙලීම හේතුවෙන් නුගේගොඩ පිල ලකුණු 57කට දැවී ගියේය.

නුගේ‍ගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 57 (ඕවර් 14.1) – තිලකරත්න සම්පත් 19, අතිරේක 13 (දුලාජ් සමුදිත 13/4, රවිඳු ප්‍රනාන්දු 5/4)

බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 3ක් දැවී ලකුණු  63 (ඕවර් 7.1) – රොන් චන්ද්‍රගුප්ත 19, ළහිරු මධුසංඛ නොදැවී 15, අති‍රේක 14 (දිල්ෂාන් අබේසිංහ 10/1, අබ්දූල් හකීම් 18/1, සුවත් මෙන්ඩිස් 10/1)

මුවර්ස් පිලට කඩුලු 7ත ජයක්

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් මුවර්ස් ක්‍රීඩා සමාජය මුලින් පන්දු රැකීමට තීරණය කළේය. මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර හයේ පහර 3ක් හා හත‍රේ පහරක් සමඟ පන්දු 20කදී නොදැවී ලකුණු 37ක් වාර්තා කර තිබියදී තරගයේ ජයග්‍රහණය වාර්තා විය.

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 130 (ඕවර් 20) – ඔෂධ ප්‍රනාන්දු 14, විශේන් හැළඹගේ 23, එරංග ජයකොඩිගේ 15, දුෂාන් හේමන්ත 18, නිසල තාරක නොදැවී 27, අතිරේක 10 ( ගරුක සංකෙත් 25/2, රමේෂ් මෙන්ඩිස් 21/2)

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 131 (ඕවර් 12.5) – ජනිෂ්ක පෙරේරා 18, සොහාන් ඩී ලිවේරා 46, සදීර සමරවික්‍රම 14, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 37, ‍ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 10 (සෙනිත හැළඹගේ 32/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee