slc
logo
Home   |    News
මැයි 15, 2025
අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 හෙට ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 16 වැනිදා (හෙට) සිට ජුනි මස 09 වැනිදා දක්වා කෝල්ට්ස්, පී. සරා, සී. සී. සී., එස්. එස්. සී. සහ එන්. සී. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

කණ්ඩායම් 14 ක් ‘ඒ‘ සහ ‘බී‘ වශයෙන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදී ලීග් ක්‍රමයට අනුව මූලික වටයේ තරග වදිනු ලබන අතර එය අවසානයේ එක් එක් කාණ්ඩවල පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අතර අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත. එතැන් පටන් තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග ජුනි මස 05 වැනිදාද අවසන් පූර්ව තරග ජුනි මස 07 වැනිදාද පැවැත්වෙනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය ජුනි මස 09 වැනිදා පැවැත්වෙනු ඇති අතර එම තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් අතිරේක දිනයක්ද වෙන් කර තිබීම කැපී පෙනෙයි.

ගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එන්.සී.සී. කණ්ඩායම සමත්වූ අතර ඔවුන් විසින් අවසන් මහ තරගයේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් එම ශූරතා කුසලානය දිනාගැනීමට සමත්විය.

‘ඒ‘ කාණ්ඩය – එන්.සී.සී., මුවර්ස්, සී.සී.සී., ඒස් කැපිටල්, පානදුර, බදුරලිය, කුරුණෑගල තරුණ.

‘බී‘ කාණ්ඩය – බ්ලූම්ෆීල්ඩ්, බී.ආර්.සී., කෝල්ට්ස්, ටැමිල් යුනියන්, පොලිස්, හලාවත මේරියන්ස්, නුගේගොඩ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee