slc
logo
Home   |    News
මැයි 20, 2025
පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරග වර්ෂාවට පරදී

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග හයෙන් තරග 5ක් ඇඳ හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමුණු අතර, තවත් තරගයක් එක් ඉනිමකට සීමාවූ හෙයින් විසඳුමකින් තොරව නිමාවට පත් වූවේය.

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති බීආර්සී පිල හා නුගේ‍ගොඩ ක්‍රීඩා, සුබ සාධක ක්‍රීඩා සමාජය අතර, පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති සීසීසී හා බඳුරලිය ක්‍රීඩා සමාජය අතර, කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති පොලිස් ක්‍රීඩා සමාජය හා ටැමිල් යූනියන් පිල අතර, කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් හා හලාවත ‍මේරියන්ස් අතර, මුවර්ස් ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල අතර මෙසේ අත්හැර දැමීමට සිඳුවූ තරග වෙති.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති පානදුර ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් පිල අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඒස් කැපිටල් පිල ලකුණු 98ක් ලබා සිටියදී වර්ෂාව පතිතවීමෙන් විසඳුමකින් තොරව නිමා විය.

කෙසේ වෙතත් පවතින වර්ෂා සහිත තත්ත්වය හේතුකොට ගෙන අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග මේ මස 22 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති තරගත් වෙනත් දිනයකදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.එම තරග ඉදිරි දිනයකදී පැවැත්වෙනු ඇත. අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ තරග වලට අමතරව ටියර් බී කොටසේ යටතේ මේ මස 20 වැනිදා 23 වැනිදා පැවැත්වීමට නියමිත තරගත් සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය යටතේ මේ මස 20 සහ 24 යන දෙදින පැවැත්වීමට නියමිත තරගත් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒස් කැපිටල් පිල කඩුලු 7ක් දැවී ලකුණු 127 (ඕවර් 17)

නිමේෂ ගුණසිංහ 21, ළහිරු දෙවටගේ 33, වනුජ සහන් 34, රවීන් ද සිල්වා නොදැවී 23,  (නිමේෂ් විමුක්ති 15/2, අසංක මනෝජ් 35/3, සෙනිත හැළඹගේ 21/2)

මෙලෙස අතුහැර දැමුණු හා විසඳුමකින් තොරව නිමාවූ තරගවලදී එක් කණ්ඩායමකට ලකුණක් බැගින් පිරිනැමීමට තරග සංචිධායකයෝ කටයුතු කළහ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee