slc
logo
Home   |    News
මැයි 26, 2025
තරග 4ක් අත්හැර දමද්දී පානදුර – ටැමිල් යුනියන් ජය ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග 4ක් වර්ෂාව හේතු‍වන් අත්හැර දැමූ අතර, පැවැති තරග දෙකකදී පානදුර පිල හා ටැමිල් යූනියන් පිල ජය වාර්තා කළහ.

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති බීආර්සී පිල හා නුගේ‍ගොඩ ක්‍රීඩා, සුබ සාධක ක්‍රීඩා සමාජය අතර තරගයත්, කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් හා හලාවත ‍මේරියන්ස් අතර තරගයත්, සීසීසී ක්‍රීඩාංගණයේ පැවැති මුවර්ස් ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල අතර තරගයත්, පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති සීසීසී හා බඳුරලිය ක්‍රීඩා සමාජය අතර තරගයත්, වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. එම තරග දෙවැනි වරටත් අත්හැර දැමීමට සිඳුවීමෙන් කණ්ඩායම් සියල්ලට ලකුණ බැගින් පිරිනැමුණි.

පානදුරට කඩුලු 5ක ජයක්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති පානදුර ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල් පිල අතර තරගයේ තවත් පන්දු 8ක් ඉතිරිව තිබියදී පානදුර පිල ජය වාර්තා ක‍ළේය.

ඒස් කැපිටල් පිල කඩුලු 8ක් දැවී ලකුණු 99 (ඕවර් 16.4)

නිමේෂ ගුණසිංහ 11, පවන් පතිරාජ නොදැවී 36, හිමාෂ ලියනගේ 12, දනාල් හේමනන්ද 25 (අසංක මනෝජ් 10/2, සෙනිත හැළඹගේ 15/2, දුෂාන් හේමන්ත 26/3)

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 5කට ලකුණු 102 (ඕවර් 14.4)

වි‍ෂේන් හැළඹගේ 32, සසිඳු මල්ෂාන් නොදැවී 28, දුෂාන් හේමන්ත 14 (වනුජ සහන් 27/2, චමෝද් බැට්ටගේ 20/2)

ටැමිල් යූනියන් පිලට ලකුණු 7ක ජයක්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති පොලිස් ක්‍රීඩා සමාජය හා ටැමිල් යූනියන් පිල අතර තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ටැමිල් යූනියන් පිල ජය ගත්තේය.

ටැමිල් යූනියන් පිල සියලු දෙනා දැවී ලකුණු 108 (ඕවර් 18.5)

මොහොමඩ් ෂමාස් 12, ෂාරුජාන් ෂන්මුගනාතන් 43, සචිත ජයතිලක 12, තරිඳු රත්නායක 10 (චාරුක ප්‍රමෝද් 19/2, දිලුම් සුධීර 17/2, නදීර බාලසූරිය 5/2) 

පොලිස් ක්‍රීඩා සමාජය  සියලු දෙනා දැවී ලකුණු 101 (ඕවර් 18.3)

විශාද් රන්දික 28, ප්‍රියමාල් පෙරේරා 10, අශේන් බණ්ඩාර 18, ධනුජ ඉඳුවර 14 (තරිඳු රත්නායක 17/2, තේෂාන් විතූෂාන් 19/2, සචිත ජයතිලක 6/3) 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee