බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
www.srilankacricket.lk යන වෙබ් අඩෙවියට පිවිසීමෙන් 24 වැනිදා සිට තම ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇත. ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර ජුනි 29 වැනිදා සිට කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටුවා තිබෙන ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා ද ජූලි 06 වැනිදා සිට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ප්‍රවේශ කවුලුවෙන්ද ආරම්භ වනු ඇත. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශ අලෙවිය ජූලි 11 වැනිදා සිට රංගරි දඹුලු ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවෙන්ද අලෙවි කිරීම ආරම්භ වනු ඇත.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 500, 750, 1000, 2000, 3000, සහ 120,000 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 500, 1000, 3000 සහ 165,000 මිල ගණන් යටතේ ප්‍රවේශ මිලදී ගත හැක.
රුපියල් 500, 750, 1000, 3000 සහ 120,000 වන මිල ගණන් යටතේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තර සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිවේ.

එක්දින තරග කාල සටහන
ජූලි 02 – පළමු එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
ජූලි 05 – දෙවැනි එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
ජූලි 08 – තෙවැනි එක්දින තරගය – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
විස්සයි-20 තරග කාල සටහන
ජූලි 10 – පළමු විස්සයි-20 තරගය – පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
ජූලි 13 – දෙවැනි විස්සයි-20 තරගය – රංගිරි දඹුලු ක්‍රීඩාංගණය
ජූලි 16 – තෙවැනි විස්සයි-20 තරගය – කොළ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය