ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ටියර් ‘බී‘ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට එස්එස්සී හා මැලේ ක්‍රිකට් සමාජය සුදුසුකම් ලබා ගත්හ. කොළඹ එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට එස්එස්සී කණ්ඩායම සමත්වූ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදී රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මැලේ ක්‍රිකට් සමාජය සමත් වූවේය.
එස්එස්සී – යුද හමුදා තරගයේදී මුලින් පන්දුවට පහරදුන් යුද හමුදා පිල කඩුලු 8කට ලකුණු 139ක් ලබාගත් අතර, එස්එස්සී ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළහ.
එස්එස්සී පිලේ චමිඳු වික්‍රමසිංහ තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කිරීම කැපී පෙණුනි. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි වික්‍රමසිංහ පන්දු 33 කදී හතරේ පහර 3ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 38ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී යුද හමුදා පිලේ කඩුලු 3ක් දවා ගත්තේය.
එස්එස්සී කණ්ඩායම ජයග්‍රහණය වෙත ළඟාවෙද්දී නායක අවිශ්ක ප්‍රනාන්දු පන්දු 22කින් නොදැවී ලකුණු 34ක්, චරිත් අසලංක පන්දු 11කින් නොදැවී ලකුණු 21ක්, දසුන් ශානක පන්දු 13කින් ලකුණු 24ක් සහ ක්‍රිෂාන් සංජුල පන්දු 16කින් ලකුණු 20ක් තම පිලට දායක කළහ.
යුධ හමුදා පිල කඩුලු 8කට ලකුණු 139 (ඕවර් 20) – ෂෙහද සොයිසා 29, සුඛිත දෙව්තිලින 29, මල්ක මධුෂාන් 18 (ගිෂාන් බාලසූරිය 19/3, චමිඳු වික්‍රමසිංහ 30/3, ප්‍රමෝද් මධුෂාන් 36/2)
එස්.එස්.සී. පිල කඩුලු 3කට ලකුණු 142 (ඕවර් 15.4) – චමිඳු වික්‍රමසිංහ 38, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 34, දසුන් ශානක 24, චරිත් අසලංක නොදැවී 21, ක්‍රිෂාන් සංජුල 20 (තීක්ෂණ වික්‍රමසිංහ 41/2)
රාගම – මැලේ තරගය
දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 171ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මැලේ ක්‍රිකට් සමාජයේ පුලස්ති අතපත්තු (පන්දු 29කදී ලකුණු 38ක්) සහ තිමිර මල්ෂාන් (පන්දු 26කදී ලකුණු 42ක්) හත්වන කඩුල්ල සඳහා ලකුණු 65ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගීමෙන් පන්දු තුනක් පමණක් ඉතිරිව තිබියදී ඔවුන්ගේ ජයග්‍රහණය තීරණය විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ රාගම ක්‍රිකට් සමාජය කඩුලු 7කට ලකුණු 170ක් ලබාගත් අතර, මැලේ ක්‍රිකට් සමාජය කඩුලු 7ක් බිඳවැටී ලකුණු 171ක් ලබා ගත්තේය.
රාගම ක්‍රිකට් සමාජය කඩුලු 7කට ලකුණු 170 (ඕවර් 20) – කොෂාන් ජයවික්‍රම නොදැවී 43, සමීන් කඳනාආරච්චි 42, විකුම් සංජය 25, උමේෂ් කසුන් 17, රන්මිත් ජයසේන 16 (කාවින්ද ඊශ්වර 14/2, සුදාර දක්ෂිණ 23/2)
මැලේ ක්‍රිකට් සමාජය කඩුලු 7කට ලකුණු 171 (ඕවර් 19.3) – පුලස්ති අතපත්තු 38, තිමිර මල්ෂාන් නොදැවී 42, බුද්ධික හසරංග 23, වෝෂිත අමරසිංහ 15 (උපුල් ඉන්ද්‍රසිරි 26/3, බිනුර ප්‍රනාන්දු 34/2)