ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී සෙනසුරාදා (07) කණ්ඩායම් හතක් ජයග්‍රහණ අත්කර ගත්හ. එම කණ්ඩායම් වුයේ කුරුණෑගල ක්රීඩා සමාජය, ඕල්ඩ් සර්වේසස්, ඕල්ඩ් ධර්මපාලියන්ස්, ගුවන් හමුදාව, කෘෂෙඩර්ස්, සරසන්ස් සහ මහනුවර ක්‍රිකට් සමාජයයි.
- කුරුණෑගල ක්රීඩා සමාජය කඩුලු 5කින් මහනුවර තරුණ ක්‍රිකට් පිල පරාජය කරයි
කටුගස්තොට සාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු මහනුවර තරුණ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. කුරුණෑගල ක්‍රීඩා සමාජයේ කවීන් බණ්ඩාර පන්දු 21ක දී හතරේ පහර තුනක් හයේ පහර හතරක් සමග ලකුණු 42ක් රැස් කරමින් සහ ලකුණු හතකට කඩුලු දෙකක් දවා තුන්ඉරියව්වේම දක්ෂතා දැක්වීය.
මහනුවර තරුණ කණ්ඩායම සියල්ල දැවී 137යි (පන්දුවාර 42.1යි) – චතුරංග ප්‍රභාත් 31, චතුර කුමාරසිරි 28, චරිත් රාජගුරු 29, රුවන්ත හතුරුසිංහ 15, මධුරංග නවීන් 42/3, නිසංජය හෙට්ටිආරච්චි 8/2, කවීන් බණ්ඩාර 7/2)
කුරුණෑගල ක්රීඩා සමාජය කඩුලු 5ට 138 (පන්දුවාර 18.4යි) – (කවීන් බණ්ඩාර 42, මුදිත ප්‍රේමදාස 37, රිසී අධිෂ්ටාන් 23, චරිත් රාජගුරු 17/2, රුවන් පුෂ්පකුමාර 48/2)
- ඕල්ඩ් සර්වේසස් කඩුලු තුනකින් නාරම්මල ක්‍රීඩා සමාජය පරාජය කරයි
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී ඕල්ඩ් සර්වේසස් කණ්ඩායමේ රවීන් කවින්ත ලකුණු 12කට කඩුලු හතරක් දවාලමින් සහ සචිර රශ්මික පන්දු 44ක දී හතරේ හතක් සමග අර්ධ ශතකයක් (50) ලබා ඕල්ඩ් සර්වේසස් ජයග්‍රහණයට වැඩිම දායකත්වය ලබා දුන්හ.
නාරම්මල ක්‍රීඩා සමාජය ලකුණු 140යි (පන්දුවාර 48යි) – විදත් බටපොළ 39, අනුරුද්ධ රාජපක්ෂ 21, සුජාන් මයුර නොදැවී 20, රවීන් කවින්ත 12/4, කවිෂ්ක ආරියසේන 28/2, පසිඳු රත්නායක 12/2යි)
ඕල්ඩ් සර්වේසස් කඩුලු 7ට 144යි (පන්දුවාර 22.2) – සචිර රශ්මික 50, ගෙවිඳු මනසිංහ 22, රවීන් කවින්ත 21, බිනර සන්කෙත් 20, යොහාන් කල්හාර 36/4යි)
- ඕල්ඩ් ධර්මපාලියන්ස් කඩුලු 7කින් සඳලංකා ක්‍රිකට් සමාජය පරදවයි
මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ ඉන්සක මධුවින්ද සිරිවර්ධන ලකුණු 24කට කඩුලු හතරක් දවාලීමෙන් සඳලංකා කණ්ඩායම ලකුණු 77කට (පන්දුවාර 30) දවා ගැනීමට මුල් විය. පසුව ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිලුක හෙෂාන් පන්දු 58ක දී ලකුණු 37ක් (හතරේ 3යි) ලබා පහසු ජයග්‍රහණයකට අවස්ථාව උදා කර දුන්නේය.
සඳලංකා සියල්ල දැවී 77යි (පන්දුවාර 30යි) – (යොහාන් ආලෝක 24, සුලේක රණසිංහ 17, ඉන්සික මධුවන්ද 24/4, රුචිර සිල්වා 19/2, නිෂාන් පෙරේරා 16/2යි)
ඕල්ඩ් ධර්මපාලියන්ස් කඩුලු 3ට 81යි (පන්දුවාර 21.4යි) – (නෙලුක හෙෂාන් 37, සවිඳු උත්සර නොදැවී 23, ඕෂද ගුණසිංහ 18/1, මලිඳු රත්නායක 14/1යි)
- ගුවන් හමුදාව කඩුලු 7කින් ලන්කන් ක්‍රිකට් සමාජය පරාජය කරයි
කටුනායක පැවැති මේ තරගයේ දී ගුවන් හමුදාවේ එම්. තිමිර (නොදැවී 45) වගීෂ අමරසිංහ (නොදැවී 37) ලෙෂ්ටර් ජයවීර (31) සහ ලසඳ රුක්මල් (35ට 3යි) පිත්තෙන් සහ පන්දුවෙන් දැක් වු දක්ෂතා ගුවන් හමුදාවට ජයගෙන ඒමට මුල් විණි.
ලන්කන් ක්‍රිකට් සමාජය සියල්ල දැවී 151යි (පන්දුවාර 49.5යි) – (චමිඳු හංසික සිල්වා 53, මලින්ද සිල්වා 19, පෙසඳු වීරසිංහ 15, ලසඳ රුක්මල් 35/3, ගයාන් ද සිල්වා 36/2)
ගුවන් හමුදාව කඩුලු 3ට 155 (පන්දුවාර 42.5යි) – (එම්. තෙමිර නොදැවී 45, වගීෂ අමරසිංහ නොදැවී 37, ලෙෂ්ටර් ජයවීර 31, පූර්ණ කල්හාර 27, චලන දිල්ෂාන් 17/1යි)
- කෘසේඩර්ස් කඩුල්ලකින් අම්බලන්ගොඩ සිංහ පරාජය කරයි
අවසානය තෙක්ම කරට කර පැවැති මේ තරගයේ දී කෘසේඩර්ස් කණ්ඩායමේ සඳරු ඩයස් (40/3) සහ උවින් පෙරේරා (57) දැක් වු දක්ෂතා මත කෘසේඩර්ස්ට කඩුල්ලක ජයක් අත්විය.
කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනු කෘසේඩර්ස් මුලින් පන්දු රැකීමට තීරණය කළේය.
අම්බලන්ගොඩ සිංහ කඩුලු 9ට 229 (පන්දුවාර 47.4යි) – ප්‍රමේෂ් මධුශාන් 72, ධනුෂ්ක ගුණසිංහ 52, සමිත් ඉසුරු 35, සඳරු ඩයස් 40/3, සෙත්රු ප්‍රනාන්දු 47/2යි)
කෘසේඩර්ස් කඩුලු 9ට 230 (පන්දුවාර 41.2) – (උවින් පෙරේරා 57, රවිඳු සංජීව 48, පැතුම් රත්නායක නොදැවී 35, විහංග ජයනාම 21, දිනේෂ් පෙරේරා 34/2, සමිත් ඉසිරු 58/2)
- සරසන්ස් ලකුණු 10කින් ඕල්ඩ් සහිරියන්ස් පරාජය කරයි
කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී සරසන්ස් ලකුණු දහයක තියුණු ජයක් ලැබීය. සරසන්ස් වෙනුවෙන් මධුශංඛ සඳරුවන් (21/3) පන්දු යැවීමේ දී දස්කම් දැක්වීය.
මීට අමතරව ඔමේෂ් උදාර (නොදැවී 44යි සහ 46/4යි) තුන් ඉරියව් දක්කම් පෙන්වීය.
සරසන්ස් 182 (පන්දුවාර 46.5යි) – (උමේෂ් උදාර නොදැවී 44, මලිත් පෙරේරා 25, රශ්මික මෙවන් 24, අචල පෙරේරා 19, චමෝද් රාජපක්ෂ 33/3, සුමුඳු උදාර 18/2යි)
ඕල්ඩ් සහිරියන්ස් සියල්ල දැවී 172යි (පන්දුවාර 48.2යි) – (දිනිත් චාමිකර 33, ෆයිස් අහමඩ් 27, මොහමඩ් අක්කාර් 27, ඔමේෂ් උදාර 46/4, මධුශංඛ සඳරුවන් 21/3යි)
මහනුවර ක්‍රිකට් සමාජය කඩුලු 2කින් හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පරාජය කරයි
අනුරාධපුර ගජබා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය ද උණුසුම් මුහුණුවරක් ගත් අතර මහනුවර ක්‍රිකට් සමාජයට කඩුලු දෙකක ජයක් අත්විය.
මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔමේෂ් විද්‍යාරත්න (38/4) සහ කාශ්‍යප දිසානායක (44) දස්කම් පෙන්වුහ.
හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සියල්ල දැවී 168 (පන්දුවාර 45.5) – (තේජාන් ශාක්‍ය 39, සෙනල් පෙරේරා 37, ඔමේෂ් විද්‍යාරත්න 38/4, තිමේෂ සිල්වා 22/2)
මහනුවර ක්‍රිකට් සමාජය කඩුලු 8ට 169 (පන්දුවාර 42.1) – (කාශ්‍යප දිසානායක 44, තරිඳු වර්ණකුලගෙ 31, පුබුදු නිශාන්ත නොදැවී 23, ජනෙත් විජේසූරිය 30/ 3යි, සිදත් විමුක්ති 27/2යි)