slc
logo
Home   |    News
ජූනි 19, 2025
තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට

sinhala editor

සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ සමත්ව සිටියහ. ඒ අනුව බංග්ලාදේශයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 127ක් පසුපසින් සිටී.

බංග්ලාදේශ පිල දෙවැනි දිනට තරගය නතර කරද්දී කඩුලු 9ක් දැවී ලකුණු 484ක් ලබා පිටියට පිවිසියද, අද පෙරවරුවේ ඔවුන්ගේ ලකුණු 500 සිහිනය බොඳ කර දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව තවත් ලකුණු 11ක් බංග්ලාදේශ ලකුණු පුවරුවට එක්වෙද්දී සියලු පිතිකරුවන් ලකුණු 495කට දැවී ගියේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු වාසි අත්කර ගනිමින් අද තෙවැනි දිනට තරගය නතර කරද්දී කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා ගැනීමට සමත් විය. කමිඳු ‍මෙන්ඩිස් නොදැවී ලකුණු 37ක් හා ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 17ක් සමඟ 5 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 37ක සබඳතාවක් ගොඩනඟමින් සිටියහ.

මේ තත්ත්වය මත බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශාල ඉදිරි පියවරක් තබා ඇති අතර, ඒ සඳහා පැතුම් නිශ්ශංකගේ විශිෂ්ට පිතිකරණය විශාල පිටු බලයක් විය. 

27 හැවිරිදි පැතුම් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ගාලු පිටියේදී වාර්තා කරනු ඇතැයි දහසකුත් බලාපොරොත්තු දැල්වී ඒ අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියද අවාසනාවන්ත ලෙස එය අහිමිවී ගියේය. දකුණතින් වේග පන්දු යවන හසාන් මහ්මුද් ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි නව පන්දුව ලබා තෙවැනි පන්දුව පැතුම්ට යොමු කිරීමේදී කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පැතුම් ලකුණු 187කට දැවී නොයන්නට තත්ත්වය මෙයට වඩා වෙනස් වනු ඇත.

පන්දු 256කදී හයේ පහරක් හා හතරේ පහර 23ක් සමඟ පැතුම් දියත් කළ සුපිරි ඉනිම ඔහුගේ තෙවැනි ටෙස්ට් ශතකය වූ අතර, ටෙස්ට් දිවියේ ඔහු ඉනිමකදී වාර්තා කළ වැඩිම ලකුණු ගනණද විය.

නිශ්ශංක සහ දිනේෂ් චන්දිමාල් යුගලය, අද දිනයේ දිවා ආහාර විවේකයට ළඟා වූයේ කඩුලු අහිමි කර නොගෙනය. තේ විවේකයට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන කඩුල්ල ලෙස දැවී ගිය දිනේෂ් චන්දිමාල්, ඔහුගේ 33 වන ටෙස්ට් අර්ධ ශතකය සමඟින් ලකුණු 54ක් රැස් කළේය.  

අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 කට දැවීගිය අතර, පන්දු 69කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් එල්ල කළේය. ඔහු පැතුම් සමඟ තෙවැනි කඩුල්ලට පන්දු 137කදී ලකුණු 89ක් එක් කිරීමෙන් පසු ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ ක්‍රීඩාගාරයට පිය මැන්නේය. බංග්ලාදේශ පන්දු යවන්නන්ට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන්ට කඩුලු අතරට පැමිණීම දුෂ්කර විය.

බංග්ලාදේශයට එරෙහිව පන්දු යැවීමේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් හා මිලාන් රත්නායක කඩුලු 3ක්, මංගල ටෙස්ට් තරගයට එක්වූ දඟ පන්දු යවන තරිඳු රත්නායක කඩුලු 3ක් දවා ගත්හ.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 153.4කදී සියලු දෙනා දැවී ලකුණු 495 යි – (නජ්මුල් හොසේන් ශන්ටෝ 148, මුෂ්ෆිකර් රහීම් 163, ශද්මන් ඉස්ලාම් 14, අනමුල් හක් 00, මොමිනුල් හක් 29, ලිටන් දාස් 90, ජකර් අලී 08, නයීම් හසන් 11, ටයිජුල් ඉස්ලාම් 06, හසන් මහමුදු 07*, නහිඩ් රානා 00, තරිඳු රත්නායක 193/3, අසිත ප්‍රනාන්දු 86/4, මිලාන් රත්නායක 39/3, ප්‍රභාත් ජයසූරිය 154/0, ධනංජය ද සිල්වා 7/0)

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම පන්දු වාර 93කදී කඩුලු 4ක් දැවී ලකුණු 368 යි පැතුම් නිශ්ශංක 187, ළහිරු උදාර 29, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් නොදැවී 37, ධනංජය ද සිල්වා නෙදැවී 17 ( හසාන් මහමුද් 49/1, තයිජුල් ඉස්ලාම් 126/1, නයීම් සහන් 86/1, මොමිනුල් හක් 24/1)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee