slc
logo
Home   |    News
ජූනි 21, 2025
නැෂනල් යූත් ලීග් පළමු ශතකය මහනුවර පිලේ පූලීෂගෙන්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ජාතික ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් යූත් ලීිග් 2025 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරගයකදී තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ පුලීෂ තිලකරත්න සමත්වූවේය. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව පුලීෂ පන්දු 107 කදී ලකුණු 103 ක් රැස් කර ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

හතරේ පහර 15 ක් ද එල්ල කළ තිබූ පුලීෂගේ ඉනිම ප්‍රධාන කොට එම තරගයෙන් මහනුවර කණ්ඩායමට කඩුලු 6 ක ජයක් වාර්තා කර ගැනීමටද සමත්විය. ලකුණු 247 ක ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමට පුලීෂගේ ඉනිම හේතුවෙන් එම ඉලක්කය පන්දුවාර 43.2 කදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා දෙමිනි.

මේ අතර අනුරාධපුර සාලියපුර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර සහ දකුණු අතර තරගයෙන කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වූවේය. පළමුව පන්දුවට පහර දුන් උතුරු කණඩායම ලකුනු 153 කට සීමා කළ දකුනු කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 31.5 කදී කඩුලු 4 ක් දැවී සපුරා ගත්තේය.

කොළඹ දකුණ කඩුලු 6 ක ජයක්

කොළඹ උතුර පන්දුවාර 31.5 කදී සියලු දෙනා දැවී ලකුණු 153 යි – (සෙනුජ වෙනුණගොඩ 16, කිත්ම විදානපතිරණ 45, මනස මදුභාෂණ 39, තුරූෂ කොඩිකාර 32, දහම් නිර්මාල් 21/3, හිරූෂ ප්‍රනාන්දු 32/2, මලින්ත සිල්වා 31/3, රමිරු පෙරේරා 32/1)  

කොළඹ දකුණ පන්දුවාර 31.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 157 යි – හිරුන් මතීෂ 22, රෙහාන් පීරිස් 91*, සුවහස් ප්‍රනාන්දු 15, ශ්‍රීලාම් ජීවහන් 32/2, තරූෂ කොඩිකාර 29/1, පූර්ණ කල්හාර 20/1)

මහනුවර කණ්ඩඩායමට කඩුලු 6 ක ජයක්

ගාල්ල පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 246 යි – (දුල්සිත් දර්ශන 22, විශ්ව සුපුන් 67, චාර්ය පරණවිතාන 40, චමරිඳු නෙත්සර 59, කෙනුල පිහිලිංග 32/4, කවීජ ගමගේ 34/2, සුමේධ ප්‍රසාද් 43/2, නිසල අබේරත්න 48/1, කෞෂික කුමාරසිංහ 48/1)

මහනුවර පන්දුවාර 43.2 කදී කඩුලු 4 ක් දැවී ලකුනු 248 යි – (පුලීෂ තිලකරත්න 103*, දිමන්ත මහවිතාරණ 39, යෝෂිත ඉසුරංග 45, කවීජ ගමගේ 27, කෞෂික කුමාරසිංහ 22, ගිම්හාන රසාංජන 38/2, අරෝෂ උදයංග 38/1, ඉමෙත් මනම්පේරි 46/1)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee